Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි නිලවරණයට දොර ඇරේ

පාපැදි නිලවරණයට දොර ඇරේ

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු නිලධාරීන්ට එරෙහිව පවරා තිබූ නඩුවක් ඉල්ලා අස්කර ගැනීම නිසා දැන් යළිත් නිලවරණයක් කැඳවා පාපැදි සම්මේලනය ස්ථාපිත කිරීමේ හැකියාව ලැබී ඇතැයි පාපැදි ක‍්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි. පාපැදි සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකු පැට්ටි‍්‍රක් හපුආරච්චි මහතා විසින් 2011 - 12 පාපැදි සම්මේලනයේ නිලවරණය කැඳවීමට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබුණි. ඒ හේතුවෙන් 2011-12 පාපැදි නිලවරණය පැවැත්වීම වාරණය කර තිබුණි.

කෙසේ වුවත් මේ වන විට පැමිණිලිකරු විදේශගතව සිටින අතර ඔහුගේ නීතිඥවරයා මගින් නොබෝදා නඩුව ඉල්ලා අස්කරගෙන තිබේ.
2012-12 නිලවරණයට ඉදිරිපත් කළ සිය නාම යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීම ඇතුළුව චෝදනා කීපයක් ගොනු කරමින් මෙම නඩුව පවරා තිබුණේ එවකට පාපැදි සම්මේලනයේ සභාපති ධූරය දැරූ හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ මහතා හා ක‍්‍රීඩා අමාත්‍ය ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය ඇතුළු කීපදෙනකු වගඋත්තරකරුවන් කරමින් හපුආරච්චි මහතා එම නඩුව පවරා තිබුණි.

එම නඩුව පැවරීමත් සමග පාපැදි නිලවරණය අත්හිටුවීමට සිදු විය. එයින් පසු දැන් වසර දෙකකට වැඩි කාලයක් පාපැදි සම්මේලනය වෙනුවට ක‍්‍රියාත්මක වන්නේ ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කළ අතුරු කමිටුවකි.

මේ අතර පාපැදි සම්මේලනයේ වසර ගණනාවකට සභාපති ධූරයේ කටයුතු කළ කේ.පී.පී. පතිරණ මහතා වන්දි නඩුවක් පැවරීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි පාපැදි ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාපැදි සම්මේලනයේ 2011-12 නිලවරණයට එරෙහිව නඩු පැවරූ පැමිණිලිකරුවන් තමන්ට හා පාපැදි ක‍්‍රීඩාවට අගතියක් කර අතැයි චෝදනා කරමින් ඔහු වන්දි නඩුවක් පැවරීමට තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

පාපැදි සම්මේලනයේ අනුබද්ධ ක‍්‍රීඩා සමාජ හා දිස්ත‍්‍රික් සංගම් ගණන 45ක් වන බව 2009-10 සම්මේලන ක‍්‍රීඩා සමාජ ලේඛනයෙන් දක්වයි. එසේ වුවත් එම ක‍්‍රීඩා සමාජ, සංගම් බහුතරයක් මේ වන විට ‘බෝඞ් ලෑලි’ වලට පමණක් සීමා වූ අක‍්‍රීය තත්ත්වයට පත්ව ඇතැයි ද වාර්තා වේ.

 


අදහස් (0)

පාපැදි නිලවරණයට දොර ඇරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.