Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ප්‍රවීනයන්ගේ හොකී අවසන් තරග හෙට

ප්‍රවීනයන්ගේ හොකී අවසන් තරග හෙට

editorial - 2025 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ හොකී සංගමය ඉන්දියාව, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාවේ සහභාගිත්වයෙන් සංවිධානය කළ ජාත්‍යන්තර හොකී තරගාවලියේ අවසන් වටය හා අවසන් මහ තරගය හෙට (3 වැනිදා) පස්වරු 6.30 ට කොළඹ කෘත්‍රිම හොකී පිටියේදී පැවැත්වේ. දින තුනක් පුරා පැවැති එහි තරග විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වීම විශේෂත්වයකි.

කාගිල්ස් ආයතනය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් හයක් එක්වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් හා සත්කාරක ශ්‍රී ලංකාවෙන් කන්ඩායම් දෙක බැගින් එහිදී සහභාගි වූහ. 

මෙයට අමතරව ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ  හොකී සංගමයේ ආරාධනාවෙන් ගල්කිස්ස ශාන්ත තෝමස්,  කොළඹ ආනන්ද, කොළඹ ශාන්ත ජෝෂප්, කොළඹ මියුසියස්, කොළඹ විශාඛා හා නාවල ජනාධිපති බාලිකා විදුහල්වල හොකී කණ්ඩායම් සහභාගිත්වයෙන් සමගාමීව විශේෂ පුහුණු සැසියක් දින තුනේදීම පැවැත්වීමට ද කටයුතු යොදා තිබුණි.

 


කාගිල්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රසාන්ත් සිවඥානම් මහතා හා කාගිල්ස් වෙළද සමූහ කළමනාකාරිණී මල්ජිනී ජයසේකර මහත්මිය විසින් අනුග්‍රාහක චෙක්පත ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ හොකී සංගමයේ සභාපති ෆවුසාල් හමීඩ් මහතාට  ප්‍රදානය කළ අයුරු.එහි ලේකම් ඩන්කන් දේවේන්ද්‍ර මහතාද ඡායාරූපයේ වෙයි. 


අදහස් (0)

ප්‍රවීනයන්ගේ හොකී අවසන් තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.