Last Update  :  2025-11-10 07:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පළමු මීටර 30 දී ලොකු වැරැද්දක් වුණා

පළමු මීටර 30 දී ලොකු වැරැද්දක් වුණා

editorial - 2021 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සංජීව ධර්මසේන - ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේසිට)

ඔලිම්පික් තරගාවලියේ මූලික තරගයේදී වාර්තාකළ කාලය සම්බන්ධයෙන් සෑහීමට පත් නොවන බවත්, පළමු මීටර 30 දී තමන් අතින් ලොකු වැරැද්දක් වූ බවත් යුපුන් අබේකෝන් තරගයෙන් අනතුරුව පැවසීය. කෙසේ වෙතත් ඔලිම්පික් උළෙලකට සහභාගි වීම තමන් තුළ තිබූ ඉලක්කයක් බවත්. එම අවස්ථාව උදාකරගැනීමට සම්බන්ධයෙන් ආඩම්බර වන බවත් හෙතෙම පැවසීය.

“මූලික තරගය පරාජය වීම ගැන කණගාටුයි. මේ වගේ කාලයකින් දුවන්න නෙමෙයි මම ආවේ. ඒත් පළමු මීටර 30 දී මගේ අතින් ලොකු වැරැද්දක් වුණා. ''

“තත්ත්පර නවයක රේස් එකක පොඩි හරි අඩුපාඩුවක් වුණොත්, ඒක අපට හදාගන්න බැහැ. මම ලෑස්තිවෙලා හිටියේ රට වෙනුවෙන් හොඳ දෙයක් කරන්න. නමුත් අවාසනාවකට මට ඒ දේ කරන්න බැරිවුනා'' යයි යුපුන් පැවසීය.

“කොහොම වුණත් මම ආඩම්බර වෙනවා මේ ක්‍රීඩා උලෙලට සහභාගි වෙන්න ලැබීම ගැන. ඔලිම්පික් එනඑක මගේ හිතේ තිබුණ ලොකු හීනයක්. ලංකාවේ ගොඩක් අය මම ගැග බලාපොරොත්තු තියාගෙන හිටියා''

''ඒත්  ඔලිම්පික් උළෙලක පදක්කමක් දිනනවා කියන එක අසීරු කටයුත්තක්. මම බලාපොරොත්තුව හිටියේ මගේ වාර්තාව අලුත් කරන්න''

''මගෙන් සිදුවූ අඩුපාඩු ගැන පුහුණුකරුවා එක්ක සාකච්ඡා කරලා, වැරදි හඳුනගෙන, ඉදිරියේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවෙලා හොද කාලයක් වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා''  යැයි ද යුපුන් පැවසීය.

සමස්ත දකුණු ආසියාවේම බලාපොරොත්තුවක් වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර 100 මූලික වටයේ තෙවැනි තරගයේදී 6 වැනි ස්ථානය අත්කරගත්තේය. ඒ හේතුවෙන් අවසන් පූර්ව වටයට (අවසන් 24 දෙනාට) සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව ඔහුට අහිමි විය.

එම තරගය අවසන් කිරීම සඳහා යුපුන් තත්. 10.32ක කාලයක් වාර්තා කළ අතර, ඔහුට තරගකරුවන් 61 දෙනෙකු අතරින් 42 වැනි ස්ථානය හිමිවිය. කෙසේ නමුත් වත්මන් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන යුපුන්ගේ පෞද්ගලික හොඳම කාලය තත්. 10.15 කි.

ඔලිම්පික් උළෙලකදී මීටර 100 ඉසව්ව නියෝජනය කළ තෙවැනි ශ්‍රී ලාංකිකයා යුපුන් වෙයි. ශ්‍රියන්ත දිසානායක ඔලිම්පික් උළෙලක මී. 100 ඉසව්ව නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන අතර, ඔහු 1992 බාසිලෝනා (ස්පාඤ්ඤය) ඔලිම්පික් උළෙලට සහභාගි විය. ඉන් පසුව චින්තක ද සොයිසා 1996 ඇට්ලැන්ටා (ඇමරිකාව) ඔලිම්පික් උළෙලට සහභාගි විය. මේ සියලු දෙනාම මූලික වටවලදීම තරගාවලියෙන් ඉවත් වූහ.

මෙවර ඔලිම්පික් උළෙලේ සමස්ත දකුණු ආසියානු කලාපයෙන්ම මීටර100 ඉසව්වට ක්‍රීඩාකල එකම ධාවකයා යුපුන් පමණකි.

 

(ඡායාරූප - ජාතික ඔලිම්පික් කමිටුව අනුග්‍රහයෙනි)


අදහස් (0)

පළමු මීටර 30 දී ලොකු වැරැද්දක් වුණා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.