Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පදවි ප‍්‍රාප්ති පාපැදි අදියර 1 ජය ජීවන්ට

පදවි ප‍්‍රාප්ති පාපැදි අදියර 1 ජය ජීවන්ට

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ජනපති පදවි ප‍්‍රාප්ති පාපැදි සවාරියේ පළමු අදියරේ ජයග‍්‍රහණය ගුවන් හමුදාව නියෝජනය කරන ජීවන් ජයසිංහ හිමිකර ගැනීමට සමත් විය.
මහරගම, කිරුළපන, බේස්ලයින් පාර, පෑලියගොඩ, මීගමුව, හලාවත හරහා පුත්තලම නගරය දක්වා කිලෝමීටර 150 ක ගෙවීමට ජීවන්ට ගතවූ කාලය පැය 3 යි තත්පර 27 කි. 26 දෙනකුගෙන් සමන්විත එක පොකුරට පැමිණි ජීවන් තරගයේ ජයග‍්‍රාහකයා බවට පත්විය. මෙවර දින 12 ක් දක්වා පැවැත්වෙන තරගයේ මුළු දුර කිලෝමීටර 1,330 කි.

මේ අතර පළමු අදියර තරගයේ ජයග‍්‍රාහකයා පස්වරු 1 ට පෙර තරගය නිමා කළත් නිල ප‍්‍රතිඵලය ඊයේ පස්වරු 5 පසු වන තුරුත් නිකුත් වී නොතිබුණි.

තරග සංවිධායකයන්ගේ දුර්වලතා ඊට බලපා ඇතැයි තරග ආරංචි මාර්ග සඳහන් කරයි. නවාතැන් ප‍්‍රශ්නයක් හේතුවෙන් ඊයේ තරගකරුවන් දුෂ්කරතාවයට පත්ව සිටි බවත් කෙසේ වුවත් ඊයේ පස්වරුව වන විට ඔවුන්ගේ නවාතැන් ප‍්‍රශ්නය විසදීමට සංවිධායකයන් පියවර ගත් බවද දැනගන්නට ඇත.

තරගකරුවන් 126 දෙනකු ඊයේ තරගයට සහභාගි වූහ. ඉන් සියයකට ආසන්න පිරිසක් ප‍්‍රධාන වශයෙන් පොකුරු තුනක් ලෙස පළමු අදියර නිමා කළහ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් ‘ගිරුවාපත්තුවෙන් තල් අරණට’ සංවිදානය තරගාවලිය සංවිධානය කරයි.

ජනපති පදවි ප‍්‍රාප්ති පාපැදි සවාරියේ පළමු අදියර තරග ප‍්‍රතිඵල:
1. ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව - පැය 3.27)
2. සුධීර නිලංග (පොලිසිය)
3. ශිරාන් නදීර (ගුවන් හමුදාව)
4. ඬේන් නුගේරා (ගුවන් හමුදාව)
5. කස්සප සිරිවර්ධන (නාවික හමුදාව)

අද (19) පැවැත්වෙන දෙවැනි අදියර තරගයේ ගමන් මාර්ගය (කිලෝමීටර 127) : පුත්තලම, තබ්බෝව, නොච්චියාගම, අනුරාධපුර හරහා වවුනියාව දක්වා


අදහස් (3)

පදවි ප‍්‍රාප්ති පාපැදි අදියර 1 ජය ජීවන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.