දකුණු කොරියාවේ කුමී නගරයේ ඉකුත් 14 සිට 21 දින දක්වා පැවති 9 වන ආසියානු කනිෂ්ඨ වූෂූ ශූරතාවලියේදී ”සී” කාණ්ඩයෙන් තරග කළ නෙලාරා අමරසිංහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය. ඇය කොළඹ බිෂොප්ස් විද්‍යාලයේ සිසුවියකි.
මෙම තරගාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 ක් , නිලධාරීහු 04 ක් සහභාගී වූහ. කළමනාකරු ලෙස බ්‍රයන් ජේසන් මහතා කටයුතු කළේය.
මේ පිරිස පිළිගැනීමට ශ්‍රී ලංකා වූෂූ සෙම්මේලනයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියෝද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.