Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නුවන් - දුලක්‍ෂි තුන් ප්‍රයාම ශූරතා දිනති

නුවන් - දුලක්‍ෂි තුන් ප්‍රයාම ශූරතා දිනති

ශනුක අරවින්ද - 2017 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික මහා ක්‍රීඩා උළෙලේ තුන් ප්‍රයාම තරග ජයගැනීමට නුවන් කුමාර සහ ඊ. ආර්. දුලක්ෂි සමත් වූහ. මෙම තරග නිකවැරටිය මාගල්ල ජලාශය අසලදී අද (5 වැනිදා) පැවැත්වුණි. මෙම තරගය සඳහා දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 48 දෙනෙක් සහභාගී වී සිටියහ.

මාගල්ල ජලාශයේ මීටර් 750 ක් පිහිනා එතැන් සිට පාපැදියෙන් කොටවෙහෙර ප්‍රදේශයට ගොස් ආපසු එම ස්ථානයට පැමිණ කිලෝ මීටර් 20 ක් සම්පූර්ණ කර ඉන්පසු කිලෝමීටර් 5ක් දුර දුවමින් තරගය නිම කළ යුතුව තිබිණි.

පිරිමි අංශයේ පළමු ස්ථානය උතුරු පළාත නියෝජනය කරමින් සහභාගී වූ ජේ.එම්.එස්. නුවන් කුමාරට (58-29) හිමි වූ අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් වයඹ පළාත නියෝජනය කළ ජී.ඒ.සී.එස්. වික්‍රමආරච්චිත් (59-18), බස්නාහිර පළාත නියෝජනය කළ ජේ.එම්.සී. පෙරේරා (59-57) ත් දිනා ගත්හ.

කාන්තා අංශයේ පළමු ස්ථානය උතුරු පළාත නියෝජනය කළ ඩබ්.පී.ඊ.ආර්. දුලක්ෂිත් (1:10:10) දෙවැනි ස්ථානය නැගෙනහිර පළාතේ ජී.ජී. මනෝමි කුමාරි (1:13:43) ත් තෙවැනි ස්ථානය ජී.එන්. කුමාරසිංහත් (1:19:19) හිමි කර ගත්හ.

 

පිරිමි අංශයෙන් 3 ප්‍රයාම තරගය ජයගත් තිදෙනා වමේ සිට 3 වන ස්ථානය දිනාගත් බස්නාහිර පළාත් ජේ.එම්.සී. පෙරේරා, පළමු ස්ථානය දිනාගත් ජේ.එම්.එස්. නුවන් කුමාර (උතුර) දෙවන ස්ථානය දිනාගත් වයඹ පළාතේ ජී.ඒ.සී.එස්. වික්‍රමආරච්චි

 

කාන්තා අංශයේ තරගය ජයගත් තිදෙනා වමේ සිට තුන්වන ස්ථානය දිනාගත් උතුරු මැද පළාතේ ජී.එන්. කුමාරසිංහ ක්‍රීඩිකාව, පළමු ස්ථානය දිනාගත් දකුණු පළාතේ ඩබ්.පී.ඊ.ආර්. දුලක්ෂි, දෙවන ස්ථානය ලබා ගත් නැගෙනහිර පළාතේ ජී.ජී. මනෝමි කුමාරි


අදහස් (0)

නුවන් - දුලක්‍ෂි තුන් ප්‍රයාම ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.