Last Update  :  2025-05-01 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නැඟී එන කායවර්ධන ශූරයා රදිල්

නැඟී එන කායවර්ධන ශූරයා රදිල්

editorial - 2025 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

තවමත් 20 හැවිරිදි වියේ පසුවන රදිල් ලෝකිත මනතුංග නැඟී එන කායවර්ධන ශූරයෙකි. පසුගියදා පැවැති අවුරුදු 23 න් පහළ ‘හර්කියුලිස්’ අයෝමය ශූරයා තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 85 ඉසව්ව ජයගන්නා විට රදිල් 20 හැවිරිදි වියේ පසුවිය. 

වසර 2024 දී අවුරුදු 23 න් පහළ වයස් කාණ්ඩයේ තුන්වැනි ස්ථානය හිමිකරගන්නා විටත් ඔහුගේ වයස යන්තම් අවුරුදු 20 කි. ලබන ජූනි මාසයේදී ඩුබායි නුවරදී පැවැත්වෙන ආසියානු කනිෂ්ට තරගාවලිය සඳහා සහභාගි වීමටත් රදිල් ලෝකිත සූදානමින් සිටී.

සිය මුල්ම තරගය වූ 2022 දී පැවැති කළුතර කනිෂ්ඨ ආධුනික කායවර්ධන තරගාවලියේදී දෙවැනි ස්ථානය අත්කරගත් රදිල් ලෝකිත, 2022 දීම පැවැති නවක තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 80 බරපන්තියේ 3 වැනි ස්ථානයත් ලබාගත්තේය. 

කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති රදිල්, අවුරුදු 16 සිටම කායවර්ධන ක්‍රීඩාවට යොමුව සිටින්නෙකි. පානදුර පවර් හවුස් කායවර්ධන මධ්‍යස්ථානයේ පුබුදු පෙරේරා මහතා යටතේ රදිල් පුහුණුවීම් කරයි. 

 


අදහස් (1)

නැඟී එන කායවර්ධන ශූරයා රදිල්
  • චතුරංග කෝට්ටේගොඩ Monday, 21 April 2025 03:27 PM

    හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ඔබට... කැපවීම තියෙනවා නම් කළ නොහැක්කක් නොමැත යන්න ඔබ ඔප්පු කර තිබෙනවා. තව තවත් ජයග්‍රහණ ලබාගැනීමට ඔබට ශක්තිය ලැබේවා...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.