ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ අද (10 වැනිදා) පැවැති තරගවලදී ජය වාර්තා කිරීමට නාවික හමුදාව සහ රණබිම රාජකීය බේස්බෝල් ක්රීඩා සමාජය සමත් විය.
අද පෙරවරුවේ පැවැති තරගයේදී ලකුණු 22-2 ක් ලෙස කැලණිය විශ්ව විද්යාල කණ්ඩායම පරාජය කිරීමට නාවික හමුදා කණ්ඩායම සමත් වූ අතර ලකුණු ඉහළ ලකුණු පරතරයක් රඳවාගැනීම හේතුවෙන් ඉනිම් 5 ක් ක්රීඩා කිරීමෙන් අනතුරුව එම තරගය නතර කෙරණි.
අද පස්වරුවේ පැවැති තරගයේදී ලකුණු 12-0 ක් ලෙස ආදි නාලන්දීය කණ්ඩායම පරාජය කිරීමට රණබිම රාජකීය කණ්ඩායම සමත් වූ අතර එම තරගයේදී ඔවුන්ට ඉනිම් 9 ම ක්රීඩා කිරීමට සිදුවිය.
ශ්රී ලංකා බේස්බෝල් සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් අද දියගම ජපන් - ශ්රී ලංකා මිත්රත්ව බේස්බෝල් ක්රීඩාංගණයේදී ආරම්භ විය.
අද සිට මේ මස 25 වැනිදා දක්වා සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයකදීම මූලික වටයේ තරග පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග ජූලි මස 1 වැනිදාත්, අවසන් මහ තරගය ජූලි මස 2 වැනිදාත් පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.