පැරණි ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේ මේසපන්දු සංගම් කාර්යාලයේදී අද (22 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ මේසපන්දු නිලවරණයේ නාමයෝජනා විවෘත කිරීම දින නියමයකින් තොරව කල් දැමීමට සිදුව ඇතැයි ‘ලංකාදීප’යට වාර්තා වේ.
නාමයෝජනා විවෘත කිරීම සඳහා නිලවරණ කමිටුවේ සියලුම සාමාජිකයන් සහභාගි විය යුතු අතර අද වන තුරුත් නිලවරණ කමිටුවට තම නියොජිතයකු පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන නොතිබීම නාමයෝජනා විවෘත කිරීම කල් දැමීමට හේතුව ලෙස දැනගන්නට ලැබේ.
ජූනි මස 25 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මහ සභා රැස්වීමකදී නිලවරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස්වරයකු වන ජී.ජී. වීරක්කොඩි මහතා පත්කර ගැනිණ. ජතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයකු ලෙස චන්දන ලියනගේ මහතාද නිලරවණ කමිටුවට ඇතුළත්ව සිටින අතර ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයකු තවමත් ඊට ඇතුළත් වී නොමැත.
නිලවරණ කමිටුවට නියෝජිතයෙක් ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය පසුබට වන්නේ ලබන 28 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා සහ මේසපන්දු ක්ෂේත්රයේ ප්‍රබලයන් කිහිප දෙනෙක් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවක් හේතුවෙන් බවද වැඩි දුරටත් වාර්තා වේ. එම සාකච්ඡාව පවත්වා නිමාවන තුරු නාමයෝජනා විවෘත නොකිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා මේසපන්දු සංගමයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන්ට නියෝග කර ඇතැයිද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මේසපන්දු සංගමයේ අනු සංගම් 30 ක නියෝජිතයන් 60 දෙනෙකුට අවස්ථාව හිමිවනු ඇත. එහිදී සභාපති, උප සභාපතිවරුන් (අට දෙනෙක්), ලේකම්, සහකාර ලේකම්, භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික යන තනතුරු සඳහා නිලධාරීන් 13 දෙනෙක් තෝරා පත්කර ගැනීමට නියමිතය.
මෙවර මේසපන්දු නිලවරණයේදී සභාපති ධූරය සඳහා එම සංගමයේ හිටපු උප සභාපතිවරුන් දෙදෙනකු නාමයෝජනා ඉදිරිපත්කර ඇතැයි වාර්තා වේ. මෙම දෙදෙනාගෙන් අයකු ජාතික මට්ටමේ හිටපු මේසපන්දු ක්‍රීඩකයෙක් බවද කියවේ. අනෙක් තැනැත්තා හිටපු ක්‍රීඩකයකු නොවන නමුත් ඔහු සභාපති පුටුවේ වාඩිකරවීම තවමත් මේස පන්දු ක්‍රීඩාවේ නිරතවන ප්‍රවීන ක්‍රීඩකයකුගේ එකම අරමුණ බවද තතු දන්නෝ පවසති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.