දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක්රීඩා උළෙලේ 13 වැනි දිනය වූ අද (01) පදක්කමක් දිනාගනු ඇතැයි විශ්වාසය තබා සිටි ශ්රී ලංකා හෙල්ල විසිකීරීමේ ක්රීඩිකා නදීකා ලක්මාල් 5 වැනි ස්ථානයට පත්වූවාය.
මෙහිදී නදීකා ඉහළතම දුර ලෙස මීටර 57.71 ක් විසි කළාය. ඇය පස්වැනි (52.37) සහ අවසන් අවස්ථාවලදී (54.21) තරගයක් දීමට අපොහොසත් වීමෙන් ශ්රී ලංකාවේ තවත් පදක්කම් සිහිනයක් බොද විය.
නදීකා සිවුවැනි අවස්ථාවේදී සම්පූර්ණ ජවය ලබා ගමිනින් මීටර 57.71 ක් විසිකළ ද ක්රීඩිකාවන් සිවුදෙනක්ම ඒ වන විට මීටර 58 කට වැඩියෙන් වාර්තා කර සිටීම නිසා 5 වැනි ස්ථානයේ රැදී සිටීමට සිදුවූවාය.
තෙවැනි අවස්ථාවේදී මීටර 55.59 ක් විසිකරමින් නදීකා නැවතත් ඉදිරියට පැමිණිය ද ඒ වන විටත් 6 වැනි ස්ථානයේ පසු වූවාය. ඇය පළමු අවස්ථාවේදී මීටර 55.56 ක් විසි කළ ද දෙවැනි අවස්ථාවේදී පසු බසිමින් මීටර 54.63 ක් බවට පත්වූවාය.
කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වට ක්රීඩිකාවන් නව දෙනකු පමණක් සහභාගි වූහ.
චීන ක්රීඩිකා ලී ෂංග් මීටර 65.47 ක් විසිකරමින් නව ආසියානු ක්රීඩා වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගත්තාය. චීන ක්රීඩිකා ලිග්වේ ලී (61.43) සහ ඉන්දීය ක්රීඩිකා රානී අන්නු (59.53) රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර ගත්හ.
චන්ද්රිකා සුභාෂිණි රස්නායක ඊයේ පැවැති මීටර 200 කාන්තා අවසන් තරගය තත්පර 23.65 කින් අවසන් කරමින් හයවැනි ස්ථානයට පත්වූවාය.
ශ්රී ලංකා මීටර 800 ක්රීඩිකා ගයන්තිකා අබේරත්න ඊයේ රාත්රී පැවැති අවසන් තරගයේදී හත්වැනි ස්ථානයට පත්වූවාය. එහිදී ඇය විනාඩි 2:06.21 කින් තරගය අවසන් කළ අතර ඇය මූලික වටය විනාඩි 2:04.41 ක කාලයක් වාර්තා කළාය.
එම තරගය පළමු වටයේ සිට වේගවත් වීම නිසා ගයන්තිකාට අනපේක්ෂිත වේගයක් ගැනීමට සිදුවූ අතර ඒ හේතුවෙන් ඇයට දෙවැනි වටයේදී වේගය ලබාගැනීමට ශක්තිය නොමැති තත්ත්වයකට පත්වූවාය.
කසකස්තාන් ක්රීඩිකා මර්ගරීටා මුකාෂිවා විනාඩි 1:59.02 ක කාලයක් වාර්තා කරමින් නව ආසියානු ක්රීඩා වාර්තාවක් සමගින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
කටාර් ක්රීඩක ෆෙමි සීම් ඔගුනෝඩි ඊයේ රාත්රී මීටර 200 පිරිමි අවසන් තරගය තත්පර 20.14 කින් අවසන් කරමින් මෙවර ක්රීඩා උළෙලේ දෙවැනි වාර්තාව පිහිටුවීය. ඔගුනෝඩි මීටර 100 ඉසව්ව තත්පර 9.93 කින් අවසන් කර එම ඉසව්වේ ද ආසියානු වාර්තාව තමන් සතු කර ගත්තේය.
ඊයේ පැවැති මීටර 800 පිරිමි අවසන් තරගයේ රන්, රදී සහ ලෝකඩ පදක්කම් දිනූ කටාර්, සෞදි ආරාබි සහ බහරේන් ක්රීඩකයන් තිදෙනා සෙසු ක්රීඩකයන්ට අවහිර කිරීමේ වරදට පදක්කම් අහිමි කරමින් සිවුවැනි ස්ථානයේ සිට හයවැනි ස්ථානය දක්වා ක්රීඩකයන්ට පදක්කම් පිරිනැමීම මෙවැනි තරගාවලියක ඉතාමත් දුර්ලභ සිද්ධියක් බවට පත්විය.
හෙට (02) ක්රීඩා උළෙලේ 14 වැනි දිනයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.