Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හයවැනි වරටත් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්, සිය 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගැනීමේ අරමුණින් හෙට (30 වැනිදා) රුසියාවේ ඩැනිල් මර්ඩෙව්‍ට එරෙහිව තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි.
අවසන් පූර්ව වටයේදී ඉතාලියේ මැටියෝ බෙරෙටිනිට එරෙහිව වට 3-1 ක ජයක් ලබමින් නඩාල් මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ අතර මර්ඩෙව් අවසන් මහ තරගයට පිවිසියේ අවසන් පූර්ව වටයේදී ග්‍රීසියේ ස්ටෙෆනෝස් සිට්සිපාස්ට එරෙහිව වට 3-1 ක ජයක් ලබමිනි.
තිස්පස් වැනි වියේ පසුවන නඩාල් මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානයේ පසුවන අතර ඔහුට වඩා අවුරුදු 10 ක් බාල මර්ඩෙව් මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
ඉකුත් වසරේදී (2021) පැවැති ප්‍රංශ විවෘත ශූරතාවලිය ජයගනිමින් සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට හිමිකම් කී මර්ඩෙව්, ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියක අවසන් මහ තරගයට පිවිසි තෙවැනි අවස්ථාව මෙය විය. ඉකුත් වසරේ පැවැති ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියේ අවසන් මහ තරගයටද මර්ඩෙව් සුදුසුකම් ලැබූ නමුත් එහිදී ඔහු සර්බියාවේ නොවැක් ජොකොවික් හමුවේ පරාජයට පත් විය.
ප්‍රංශ විවෘත ශූරතා 13 ක්, ඇමරිකානු විවෘත ශූරතා 4 ක්, විම්බල්ඩන් ශූරතා 2 ක් සහ ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවක් සමග මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 ක් දිනා සිටින නඩාල්, ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභියකු ලෙස නොවැක් ජොකොවික් සහ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමග සම තත්ත්වයේ පසුවේ.
සිය ක්‍රීඩා දිවිය තුළ නඩාල් ක්‍රීඩා කරන 29 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහ තරගය මෙය වන අතර ඉන් ජය ලැබුවහොත් ඔහුට ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභියා බවට පත්වීමේ තනි අයිතියට හිමිකම් කීමටද හැකි වනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.