ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) මල්ලවපොර තරගාවලියේ කාන්තා බර පංති දෙකකදී රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ නිවුන් සොහොයුරියන් වන එම්. පී. කුමාරී සහ ප‍්‍රියංගා කුමාරී සමත්වුහ.
ප‍්‍රියංගා, කිලෝග‍්‍රෑම් 55 බර පංතියේ රිදී පදක්කම දිනා ගත් අතර කුමාරී කිලෝග‍්‍රෑම් 60 බර පංතියේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය. පී. එස්. නිරෝෂානී, කිලෝග‍්‍රෑම් 48 බර පංතියෙන් තවත් රිදී පදක්කම දිනා ගැනීමට සමත්වුවාය.
එස්.ඞී අසංග (කි.ග‍්‍රෑ.57) සහ සි.එම්. පෙරේරා (කි.ග‍්‍රෑ. 65) මල්ලවපොර තරගාවලියේ පිරිමි බර පංතිවලින් ලෝකඩ පදක්කම් ලැබුහ. දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලකදී මල්ලවපොර කාන්තා තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයවේ.
- 090
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.