Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව පළමු වරට සංවිධානය කළ ගුවන් හමුදා විවෘත බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට නිලූක කරුණාරත්න ද, කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට අචිනි රත්නසිරි ද සමත් වූහ.
අවසන් මහ තරගයේදී සිය බාල සොහොයුරු දිනූක කරුණාරත්න පරාජය කරමින් නිලූක පිරිමි කේවල ශූරතාවට හිමිකම් කී අතර අචිනි කාන්තා කේවල ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී කවිදි ඉෂාදිකා පරාජය කරමිනි.
තුම්මුල්ල, ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී පැවැති මෙම තරගාවලිය සඳහා ති‍්‍රවිද හමුදාව සහ කී‍්‍රඩා සමාජ රැසක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 200 කට වැඩි පිරිසක් සහභාගී වූහ.
මෙහිදී පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ‍්‍ර යුගල යන ප‍්‍රධාන කාණ්ඩ 5 ට අමතරව ප‍්‍රවීණ පිරිමි කේවල, ප‍්‍රවීණ කාන්තා කේවල, ප‍්‍රවීණ පිරිමි යුගල සහ ප‍්‍රවීණ කාන්තා යුගල යන කාණ්ඩ 4 යටතේද තරග පැවැත්විණ.
පිරිමි කේවල ඉසව්වේ ජයග‍්‍රාහකයාට රුපියල් 40,000 ක මුදල් ත්‍යාගයක්ද, කාන්තා කේවල ඉසව්වේ ජයග‍්‍රාහිකාවට රුපියල් 40,000 ක මුදල් ත්‍යාගයක්ද හිමිවිය. එම මුදල් ත්‍යාග ද සමගින් තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් අතරේ බෙදීගිය මුළු මුදල රුපියල් ලක්ෂ 4 කි.
ත්‍යාග ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මිය, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ගුවන් හමුදා බැඞ්මින්ටන් සභාපති ගෲප් කැප්ටන් ආර්. සේනානායක මහතා, ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායෝ මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
අවසන් මහ තරග ප‍්‍රතිඵල
පිරිමි කේවල
නිලූක කරුණාරත්න විසින් දිනූක කරුණාරත්න පරාජය කරන ලදි.
කාන්තා කේවල
අචිනි රත්නසිරි විසින් කවිදි ඉෂාදිකා පරාජය කරන ලදි.
පිරිමි යුගල
නිලූක කරුණාරත්න සහ දිනූක කරුණාරත්න විසින් හසිත චානක සහ රජිත් දහනායක පරාජය කරන ලදහ.
කාන්තා යුගල
කවිදි ඉෂාදිකා සහ ඕෂදී කුරුප්පු විසින් අචිනි රත්නසිරි සහ උපුලි වීරසිංහ පරාජය කරන ලදහ.
මිශ‍්‍ර යුගල
දිනූක කරුණාරත්න සහ ඕෂදී කුරුප්පු විසින් හසිත චානක සහ කවිදි ඉෂාදිකා පරාජය කරන ලදහ.
ප‍්‍රවීණ පිරිමි කේවල
උපේන්ද්‍ර ජයවර්ධන විසින් සුභාෂ් ජානක පරාජය කරන ලදි.
ප‍්‍රවීණ කාන්තා කේවල
ඉනෝකා ජයලත් විසින් අනූෂා සේනාරත්න පරාජය කරන ලදි.
ප‍්‍රවීණ පිරිමි යුගල
උපේන්ද්‍ර ජයවර්ධන සහ සුභාෂ් ජානක නිහාල් අමරසේන සහ ජානක ගමගේ පරාජය කරන ලදහ.
ප‍්‍රවීණ කාන්තා යුගල
ලක්ෂ්මි පුංචිහේවා සහ ඉනෝකා රුහුණුආරච්චි විසින් ඉනෝකා ජයලත් සහ තුෂාරි බ‍්‍රාහ්මනගේ පරාජය කරන ලදහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.