පාපැදි කී‍්‍රඩාවේ ප‍්‍රවීණයෙකු වන නිලන්ත ප‍්‍රනාන්දු මහතා අභාවප‍්‍රාප්ත විය.
මියයන විට 59 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ උප සභාපතිවරයෙකු ලෙසත් මොරටුව සාම පාපැදි කී‍්‍රඩා සමාජයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේය.
සිය යතුරු පැදිය පදවාගෙන යමින් සිටියදී කටුබැද්දේදී සිදුවූ රියඅනතුරකින් පසුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී නිලන්ත ප‍්‍රනාන්දු මහතා අද (7) සිය ජීවිතයෙන් සමුගත්තේය.
අවසන් කටයුතු අනිද්දා (9) පස්වරු 3.30 ට මොරටුව ශුද්ධ වූ එමානුවෙල් දේවස්ථාන සුසාන භූමියේදී සිදුකෙරේ. දේහය මොරටුව රාවතාවත්තේ, ධර්මරත්න මාවතේ, අංක 9 දරන නිවසේ තැන්පත් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.