Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නිර්මල - චෞශල්‍යා වෙළඳසේවා මේසපන්දු ශූරතා දිනති

නිර්මල - චෞශල්‍යා වෙළඳසේවා මේසපන්දු ශූරතා දිනති

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ත කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැති 57 වැනි වෙළඳසේවා මේසපන්දු තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට මාස් ඉන්ටිමේට් සමාගම නියෝජනය කළ නිර්මල ජයසිංහ සමත් වූ අතර  කාන්තා ශූරතාව දිනාගැනීමට ඩයලොග් සමාගම නියෝජනය කළ චෞශල්‍යා ද සිල්වාද සමත්වූවාය.

ශී‍්‍ර ලංකා වෙළඳසේවා මේසපන්දු සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ විවෘත පිරිමි තරගයේදී සෙලාන් බැංකුව නියෝජනය කළ කේ. එස්. ටී. චලිත තරග වට 3-0 ක් ලෙස පරාජය කරමින් නිර්මල ජයසිංහ  ශූරතාවට හිමිකම් කීවේය.

චෞශල්‍යා ද සිල්වා එම ශූරතාවට හිමිකම් කීවේ විවෘත කාන්තා තරගයේදී තරග වට 3-0 ක් ලෙස මාස් ඉන්ටිමේට් සමාගම නියෝජනය කළ ශ්‍රීමාලි විමලරත්න පරාජය කරමිනි.

හේලීස් සමාගම නියෝජනය කළ සමිත් ප‍්‍රසාද් සහ මාස් ඉන්ටිම්ට් සමාගම නියෝජනය කළ රජීව විජේතුංග පරාජය කරමින් කොමාර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ පුබුදු චානක සහ චමීර ගිනිගේ විවෘත යුගල ශූරතාව දිනාගත් අතර සෙලාන් බැංකුව නියෝජනය කළ චේතිකා සසිනි සහ දුල්මිණි විජේබණ්ඩාර විවෘත කාන්තා යුගල ශූරතාව දිනාගත්තේ මිලේනියම් අයි. ටී. සමාගමේ ප‍්‍රභාෂිණී පෙරේරා සහ නවෝද්‍යා සෙනෙවිරත්න පරාජය කරමිනි.

තරග ප‍්‍රතිඵල

විවෘත පිරිමි කේවල
නිර්මල ජයසිංහ (මාස් ඉන්ටිමේට්) විසින් තරග වට 3-0 ක් ලෙස කේ. එස්. ටී. චලිත (සෙලාන් බැංකුව) පරාජය කරන ලදී. (11/6, 11/7, 11/9)

විවෘත පිරිමි යුගල
පුබුදු චානක සහ චමීර ගිනිගේ (කොමාර්ෂල් ක්‍රෙඩිට්) විසින් තරග වට 3-0 ක් ලෙස රජීව විජේතුංග (මාස් ඉන්ටිමේට්) සහ සමිත් ප‍්‍රසාද් (හේලීස්) පරාජය කරන ලදී. (11/6, 15/13, 11/8)

ප‍්‍රවීන පිරිමි කේවල
ගාමිණි මොරායස් (ඇස්ට‍්‍රන් කී‍්‍රඩා සමාජය) විසින් තරග වට 3-1 ක් ලෙස රජීව විජේතුංග (මාස් ඉන්ටිමේට්) පරාජය කරන ලදී. (9/11, 11/5, 12/10, 15/13)

ආධුනික පිරිමි කේවල
ලලීන්ද්‍ර ධර්මසිරි (ඩයලොග්) විසින් තරග වට 3-1 ක් ලෙස පි‍්‍රයන්ත ජිනසේන (ඇස්ට‍්‍රන් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී. (11/8, 7/11, 11/9, 11/7)

විවෘත කාන්තා කේවල
චෞශල්‍යා ද සිල්වා (ඩයලොග්) විසින් තරග වට 3x0 ක් ලෙස ශ්‍රීමාලි විමලරත්න (මාස් ඉන්ටිමේට්) පරාජය කරන ලදී. (11/9, 12/10, 11/7)

විවෘත කාන්තා යුගල
චේතිකා සසිනි සහ දුල්මිණි විජේබණ්ඩාර (සෙලාන් බැංකුව) විසින් තරග වට 3-0 ක් ලෙස ප‍්‍රභාෂිණී පෙරේරා සහ නවෝද්‍යා සෙනෙවිරත්න (මිලේනියම් අයි. ටී.) පරාජය කරන ලදී. (11/1, 11/2, 11/2)

ආධුනික කාන්තා කේවල
චේතිකා සසිනි (සෙලාන් බැංකුව) විසින් තරග වට 3-x0 ක් ලෙස දුල්මිණි විජේබණ්ඩාර (සෙලාන් බැංකුව) පරාජය කරන ලදී. (11/4, 12/10, 11/7)


අදහස් (0)

නිර්මල - චෞශල්‍යා වෙළඳසේවා මේසපන්දු ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.