කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී මේ මස 15, 16 සහ 17 යන දින වල පැවැති සමස්ත ලංකා පාසල් වුෂු තරගාවලියේදී විවිධ දූෂණ සහ අක‍්‍රමිතා සිදුවූ බව ජනමාධ්‍ය ඔස්සේ හෙළිදරව් වූ නමුදු ඊට බලධාරීන්ගේ අවධානය යොමු නොවීම නිසා ඒ බව කී‍්‍රඩා අමාත්‍යවරයාට සහ අධ්‍යාපන අමාත්‍යවරයාට ලිපියක් මගින් දැනුම්දීමට ශී‍්‍ර ලංකා වුෂු සම්මේලනය තීරණය කර ඇත.
ශී‍්‍ර ලංකා වුෂු සම්මේලනය පවසන පරිදි මෙරට පැවැත්වෙන සියලූම වූෂු තරගාවලි වල (පාසල් වුෂු සංගමය සංවිධානය කරන තරගාවලිද ඇතුළත්ව) තාක්ෂණික කටයුතු සහ විනිශ්චය කටයුතු ශී‍්‍ර ලංකා වුෂු විනිසුරු සහ තරග තීරක කවුන්සිලය යටතේ පැවැත්වීමටත්, පුහුණු කටයුතු ශී‍්‍ර ලංකා වුෂු පුහුණුකරු සංගමය යටතේ පැවැත්වීමටත් සියලූම වුෂු සංගම් එකඟවී තිබුණද පාසල් වුෂු සංගමය එම එකඟතාවයන් පසෙකලා ඔවුන්ට අවශ්‍ය පරිදි උක්ත තරගාවලියේ සංවිධාන කටයුතු සිදුකර ඇත.
තරගාවලියේ විනිශ්චය කටයුතු, ජාතික වුෂු විනිසුරු සහ තරග තීරක කවුන්සිලයේ සහයෝගය ලබානොගෙන සිදුකිරීම නිසා බොහෝ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අසාධරණයක් සිදුවී ඇති බව ශී‍්‍ර ලංකා වුෂු සංගමයේ මතයයි. ඊට උදාහරණ දක්වමින් ඔවුන් කියා සිටින්නේ ජාතික වූෂු විනිසුරු සහ තරග තීරක කවුන්සිලයේ පූර්ණ සුදුසුකම් ලද ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ විනිසුරුවන් සිටියදී ඔවුන්ගේ සහය ලබාගැනීම වෙනුවට පැය භාගයක පුහුණුවකින් පසු කිසිදා වුෂු කී‍්‍රඩාවේ නිරත නොවූ විනිසුරුවන් නොවන පාසල් ගුරුවරුන් යොදාගෙන පාසල් වුෂු සංගමය මෙම තරගාවලියේ විනිශ්චය කටයුතු සිදුකළ බවයි.
සන්දා අංශයේ ජාත්‍යන්තර විනිසුරු පරීක්ෂණයෙන් අසමත්වී ඇති සමන් ධම්මික නැමැත්තා, තාඔලූ අංශයේ තරග විනිශ්චයට යෙදවීමද, පුවත්පත් මගින් එය එළිදරව්වූ පසු ඔහුව එම තරගාවලියේ අභියාචනා මණ්ඩලයට පත්කිරීමද මෙම තරගාවලියේදී සිදුවූ තවත් අක‍්‍රමිකතාවයක් ලෙස මෙම ලිපියේ සඳහන්වේ.
තරගාවලියට සහභාගීවීමට පැමිණි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ ලියාපදිංචි කටයුතු තරග පැවැත්වෙන දිනයේ උදෑසන සිදුකිරීමත්, නිවැරැදි කාලසටහනකට අනුව තරග නොපැවැත්වීමත් නිසා උදෑසන 8.00 ට කී‍්‍රඩාංගණයට ඇතුළු වූ ඇතැම් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට තමන්ගේ තරගය ආරම්භ වනතුරු රාතී‍්‍ර 8.00 පමණ වන තෙක් එහි රැදීසිටිමට සිදුවූ බවත් ඒ අනුව ඔවුන් මහත් අපහසුතාවයන්ට පත්වූ බවත් වැඩිදුරටත් සඳහන් වේ.
සිදුවී ඇති දූෂණ සහ අක‍්‍රමිකතා ලෙස හැදින්විය හැකි සියලූම කරුණු මෙම ලිපියට ඇතුළත් කිරීමට ශී‍්‍ර ලංකා වුෂු සංගමය පියවර ගෙන ඇති අතර ස්වාධීන පුදුගලයකුගේ ප‍්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් එම දූෂණ සහ අක‍්‍රමිකතා වලට එරෙහිව පරීක්ෂණයක් පවත්වා වැරැුදි කරුවන්ට දඩුවම් දියයුතු බව ඔවුහු කී‍්‍රඩා අමාත්‍යවරයාගෙන් සහ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති.
එසේ නොවන්නේ නම් ඉදිරියේදී පාසල් වුෂු සංගමය සමග පැවැත්වෙන සාගච්ඡුා වලට ශී‍්‍ර ලංකා වුෂු සම්මේලනය සහභාගී නොවීම සිදුවිය හැකි බවද ඔවුන් ලිපියේ සඳහන් කරයි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.