Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දුන්නෙන් විදීමෙන් රිදී පදක්කම් දෙකක්

දුන්නෙන් විදීමෙන් රිදී පදක්කම් දෙකක්

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) පස්වැනි දිනය වන අද (9) දුන්නෙන් විදීමේ තරගාවලියේදී ශ‍්‍රී ලංකාව පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉසව් දෙකේම රිදී පදක්කම් දිනා ගත්තේය. ඉන්දිය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ කණ්ඩායම් ඉසව් දෙකේම රන් පදක්කම දිනා ගැනීමට සමත්වුහ.


ඉන්ද්‍රනාත් පෙරේරා, සුනෙත් චන්දන, සජිව් ද සිල්වා, නිපුන් සංගීත් සෙනෙවිරත්න, උදය ඉන්ද්‍රජිත්, කනිෂ්ක වීරසිංහ සහ දුෂ්‍යන්ත තෙල්වසාන් ශ‍්‍රී ලංකා දුන්නෙන් විදීමේ පිරිමි කණ්ඩායමට ඇතුළත්වෙති.


අනුරාධා විජේසිංහ, දිල්හාරා සල්ගාදු, ශෂිකලා කුමාරසිංහ, සුචිනි අබේසිරි, වයි.එම්. මල්ලිකා, සුනේත‍්‍රා සෙනෙවිරත්න, රෙහානා තබෙල්ලි සහ රජීවා වික‍්‍රමසිංහ රිදී පදක්කම් ලාභී කාන්තා දුන්නේ විදීමේ ක‍්‍රීඩිකාවෝ වෙති.


 -090

 


අදහස් (0)

දුන්නෙන් විදීමෙන් රිදී පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.