දකුණු කොරියාවේ පැවැත්වෙන විශේෂ පුහුණු කඳවුරකට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකා දුන්නෙන් විදීමේ කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ අට දෙනෙක් හෙට (14) දිවයිනෙන් පිටත්ව යති.
පෙබරවාරී මස ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අට දෙනකුට මේ අවස්ථාව හිමිව ඇත.
දකුණු කොරියාවේ ඉංචියොන් නගරයේදී මෙම 30 වැනිදා දක්වා පුහුණු කඳවුර පැවැත්වීමට නියමිතය.
ශ‍්‍රී ලංකා දුන්නෙන් විදීමේ පුහුණුකරු කොරියානු ජාතික චංග් වුන්ග් ලී මහතාගේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ මැදිහත්වීමෙන් මෙම පුහුණුව ශ‍්‍රී ලංකාවට ලැබී තිබේ.
අවසන් වරට 2010 වසරේ ඩකා නුවරදී පැවැති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ දුන්නෙන් විදීමේ තරගාවලියේ කාන්තා කණ්ඩායම් කාන්තා ඉසව්වේ රිදී පදක්කම ශ‍්‍රී ලංකාවට හිමිවිය.
සංචාරක ශ‍්‍රී ලංකා දුන්නෙන් විදීමේ කණ්ඩායම
පිරිමි
ඉන්ද්‍රනාත් පෙරේරා, චන්දන අබේගුණසේකර, නිපුන් සංගීත් සෙනෙවිරත්න සහ උදය ඉන්ද්‍රජිත්
කාන්තා
අනුරාධා විජේසිංහ, දිල්හාරා සල්ගාදු, ශෂිකලා කුමාරසිංහ සහ සුචිනි අබේසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.