Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දිනේෂ්ගෙන් රන් පදක්කමක්

දිනේෂ්ගෙන් රන් පදක්කමක්

editorial - 2024 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(ශානුක අරවින්ද)

ජෝර්දානයේ අම්මාන් නුවරදී පැවැති ජෝර්දාන පැරා මේසපන්දු තරගාවලියේදී 9-10 කාණ්ඩයේ පිරිම් කේවල ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා පැරා මේසපන්දු ක්‍රීඩක දිනේෂ් දේෂප්‍රිය සමත් විය.

ක්‍රීඩකයන් 5 දෙනෙකුගෙන් සහභාගීත්වයෙන් ලීග් ක්‍රමයට අනුව පැවැති 9-10 කාණ්ඩයේ කේවල ඉසව්ව යටතේ තරග වැදුණු දිනේෂ් එහිදී සෙසු ක්‍රීඩකයන් සිවුදෙනාම පරාජය කරමින් රන් පදක්කමට හිමිකම් කීය.

කුවේට් ක්‍රීඩක අල්සනියා අලී සහ ජෝර්දාන් ක්‍රීඩක අබුරයාන් ඊබ්‍රහීම් වට 3-0 ක් ලෙස පරාජය කළ දිනේෂ්, ඉන්දීය ක්‍රීඩක දොල්වානි හිතේෂ් සහ ඉරාක ක්‍රීඩක ශෆීක් අබ්දුල්රහමන් පරාජය කළේ වට 3-1 ක් ලෙසනි.

 

දිනේෂ් ක්‍රීඩා කළ තරගවල ප්‍රතිඵල

■ දොල්වානි හිතේෂ්ට (ඉන්දියාව) එරෙහිව වට 3-1 ක ජයක් (8/11, 11/2, 11/10, 11/4)

■ ශෆීක් අබ්දුල්රහමන්ට (ඉරාකය) එරෙහිව වට 3-1 ක ජයක් (11/6, 5/11, 11/4, 11/5)

■ අල්සනියා අලීට (කුවේටය) එරෙහිව වට 3-0 ක ජයක් (11/4, 11/10, 11/4)

■ අබුරයාන් ඊබ්‍රහීම්ට (ජෝර්දානය) එරෙහිව වට 3-0 ක ජයක් (11/3, 11/2, 11/4)

 

- 036


අදහස් (0)

දිනේෂ්ගෙන් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.