Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් - ආසියාටා සමාගම වෙනුවෙන් එහි අලෙවි ප්‍රධානී අෂානි සේනාරත්න මහත්මිය ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය වෙත නිලඅනුග්‍රහය සංකේතාත්මකව ප්‍රදානය කළ අයුරු...දැල්පන්දු සම්මේලනයේ ලේකම් වින්දනා දයාරත්න හා භාණ්ඩාගාරික පද්මිණී හොරණගේ යන මහත්මීහුද මෙහි වෙති.
දේශීය දැල්පන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධන කටයුතු සඳහා ලබාදෙන අනුග්‍රහය වසර 2024 දක්වා දීර්ඝ කිරීමට ඩයලොග් ආසියාටා සමාගම තීරණය කර තිබේ.
වසර 2018 සිට මෙරට දැල්පන්දු ක්‍රීඩාවේ නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන ඩයලොග් ආසියාටා සමාගම, තවදුරටත් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සමග අත්වැල් බැඳ ගැනීමට ගත් තීරණය නොබෝ දිනකින් සිංගප්පූරුවේදී ආරම්භ වන ආසියානු දැල්පන්දු කුසලාන තරගාවලියට සූදානම් වන ශ්‍රී ලංකාව වඩාත් ධෛර්යසම්පන්න කිරීමක් බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය පැවැසුවාය.
-223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.