Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු ශූරතාව මියුසියස් විදුහලට

දැල්පන්දු ශූරතාව මියුසියස් විදුහලට

Nisanka Sandeepani - 2018 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ මියුසියස් විදුහල සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර පැවැති ‘මාරි මියුසියස් - රෝහිණී අලස් අභියෝග කුසලාන’ දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මියුසියස් විදුහල සමත් විය. 

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියට වයස 20 න් පහළ සහ 15 න් පහළ ලෙස තරග 2 ක් ඇතුළත් වූ අතර එම තරග දෙකේදීම ගේට්වේ ජාත්‍යන්තර පරාජය කිරීමට මියුසියස් විදුහල සමත් විය. 

වයස 20 න් පහළ තරගයේදී ලකුණු 27/25 ක් තියුණු ජයක් ලැබූ මියුසියස් විදුහල් ක්‍රීඩිකාවෝ වයස 15 න් පහළ තරගයේදී පහසු ජයක් ලැබුවේ ලකුණු 15/5 ක් ලෙසිනි. වයස 20 න් පහළ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මියුසියස් විදුහලේ ප්‍රමෝදා ජයසේකරද, 15 න් පහළ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස එම විදුහලේම මෙලීනා රොබට්ද සම්මාන දිනාගත්හ. 

 

-036


අදහස් (0)

දැල්පන්දු ශූරතාව මියුසියස් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.