Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු ශූරතාව බස්නාහිරට

දැල්පන්දු ශූරතාව බස්නාහිරට

ශනුක අරවින්ද - 2017 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිටම 7 වැනි වරටත් ජාතික මහා ක්‍රීඩා උළෙලේ දැල්පන්දු ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් විය. මධ්‍යම පළාත් කණ්ඩායමට එරෙහිව පොළොන්නරුවේදී පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 45-41 ක තියුණු ජයක් වාර්තා කරමින් බස්නාහිර පළාත් ක්‍රීඩිකාවෝ එම ශූරතාවට හිමිකම් කීහ.

පළමු අර්ධය නිමාවන විට ලකුණු 22-20 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට මධ්‍යම පළාත් ක්‍රීඩිකාවෝ සමත් වුවද, දෙවැනි අර්ධයේදී වඩාත් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ බස්නාහිර පළාත් ක්‍රීඩිකාවෝ තරගය නිමාවන විට ලකුණු 4 ක පරතරයක් රඳවාගැනීමට සමත් වූහ.

බස්නාහිර පළාත් කණ්ඩායමේ හසිතා මෙන්ඩිස් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.

අවසන් පූර්ව වටයේදී ලකුණු 58-37 ක් ලෙස දකුණු පළාත් කණ්ඩායම පරාජය කරමින් මධ්‍යම පළාත් කණ්ඩායම අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගත් අතර බස්නාහිර පළාත් කණ්ඩායම අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ උතුරු මැද පළාත් කණ්ඩායම ලකුණු 79-21 ක් ලෙස පරාජය කරමිනි.

තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී දකුණු පළාත් කණ්ඩායම ලකුණු 58-29 ක් ලෙස පරාජය කිරීමට උතුරු මැද පළාත් කණ්ඩායම සමත් විය.


-036


අදහස් (0)

දැල්පන්දු ශූරතාව බස්නාහිරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.