Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු ශූරතා නෙට්ෆයර්ට

දැල්පන්දු ශූරතා නෙට්ෆයර්ට

editorial - 2022 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(නාමල් පතිරගේ)

කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගමය මෙහෙය වූ අන්තර් ක්‍රීඩා සමාජ දැල්පන්දු තරගමාලාවේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව හා අනුශූරතාව නෙට්ෆයර්’ ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා  ලදී.

ඒ  අවසන් මහ තරගයේ නෙට්ෆයර් ‘බී’ කණ්ඩායම විසින් නෙම්ෆයර්- ‘ඒ’ කණ්ඩායම ලකුණු 12-5කට පරාජය කරමිනි. මෙම දැල්පන්දු තරගාවලිය කොළඹ ‘ටොරින්ටන්’ ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී කණ්ඩායම් 16කගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ කුසලාන දිනා ගත්තේ අවසන් මහ තරගයේදී නෙට්ෆයර් ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් සිරි පියරත්න ක්‍රීඩා සමාජය ලකුණු 18-11කින් පරාජය කරමිනි.

ඒ කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ ‘පාර්ලියන්ස්’ ක්‍රීඩා සමාජයයි. ‘විනින් ගර්ල්ස්’ කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානය ලැබීය.

කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම හා ‘ට්‍රැක්මාස්ටර්ස්’ කණ්ඩායම අතර පැවැති ප්‍රවීනයන්ගේ තරගයේ ජය හිමිවූයේ ට්‍රැක්මාස්ටර්ස් ක්‍රීඩිකාවන්ටය. වසර 2019 න් පසුව පළමු වරට සංවිධානය කළ මෙම දැල් පන්දු තරගාවලිය කොවිඩ් වසන්ගතයෙන් පසුව දිස්ත්‍රික් දැල්පන්දු  සංගමයක් සංවිධානය කළ පළමු දැල්පන්දු තරගාවලිය වන බව එම කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ සභාපතිනි යස්මින් ධර්මවර්ධන මහත්මිය පැවසුවාය.

තරගාවලියෙන් නිර්දේශ කර ගත් දක්ෂතම ක්‍රීඩිකාවන් නව දෙනෙකු ජාතික දැල්පන්දු සංචිතයේ බස්නාහිර පළාත්  තේරීම් තරගාවලියට සහභාගි කිරීමට කටයුතු කළ බවත් ඇය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

ජය සංකේත ප්‍රදානෝත්සවය කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගමය නියෝජ්‍ය සභාපතිනි හිටපු ප්‍රවීනතම දැල්පන්දු ක්‍රීඩිකාවක් වන රාණි මුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.


අදහස් (0)

දැල්පන්දු ශූරතා නෙට්ෆයර්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.