Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු තේරීම් යළිත් කල්යයි

දැල්පන්දු තේරීම් යළිත් කල්යයි

Nisanka Sandeepani - 2017 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු  කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් තේරිම් පරීක්ෂණය දින කිහිපයකින් කල් දැමීමට ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනය තීරණය කර ඇත.

යොවුන් දැල් පන්දු සංචිතයට පුහුණුවීම් සඳහා ලැබී ඇති කාලය ප්‍රමාණවත් නොවන හෙයින් අවසන් තේරීම තවත් දින කිහිපයනට කල් දමන ලෙස සංචිතයේ පුහුණුකාරණියන් තිදෙනා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලා එම අවසන් තේරිම දින නියමයක් නැතිව කල් දැමීමට පියවර ගෙන ඇත.

ජුලි මස 8 වැනිදා සිට 16 වැනිදා දක්වා බොට්ස්වානා හි පැවැත්වීමට නියමිත 8 වැනි ලෝක  ශූරතා යොවුන් දැල් පන්දු  තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් තේරීම් ඊයේ (10දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණ. 

බොස්ට්වානා සංචාරයට වීසා ලබා ගැනීමට ඇති කාලය සලකා බලා පුහුණුකාරිනියන් සමඟද කඩිනමින් සාකච්ඡා කර සංචිතයේ අවසන් තේරිමේ දිනය ඉදිරි දින 2 ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනය බලාපොරොත්තුවේ.

මෙම පුහුණු සංචිතයට ක්‍රීඩිකාවෝ 22 දෙදෙනෙකු ඇතුළත්ව සිටිති.

 


අදහස් (0)

දැල්පන්දු තේරීම් යළිත් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.