Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු කී‍්‍රඩිකාවෝ අයර්ලන්තය පරදවති

දැල්පන්දු කී‍්‍රඩිකාවෝ අයර්ලන්තය පරදවති

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගප්පූරුවේදී දැන් පැවැත්වෙන නේෂන් කුසලාන සය කොන් දැල්පන්දු තරගාවලියේදී අයර්ලන්තය ලකුණු 65 - 49 ක් ලෙසින් පරාජය කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (4 වැනිදා) සමත් විය.

තරගයේ පළමු වටයේදී ලකුණු 17 - 13 ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට අයර්ලන්ත කී‍්‍රඩිකාවන් සමත් වූ නමුත් ඉතිරි වට තුනේදීම 21 - 10, 16 - 09 සහ 15 - 13 ක් ලෙසින් සිටිමින් තරගය ජයගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (03) පැවති තරගයකදී සත්කාරක සිංගප්පූරුව හමුවේ ලකුණු 60 - 43 ක පරාජයක් ලැබීය. එම තරගයේ අවසන් අදියර ලකුණු 14 - 10 ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තත් සෙසු අදියර තුන ලකුණු 11 - 20, 10 - 13 සහ 08 - 16 ක් ලෙස සිංගප්පූරු කී‍්‍රඩිකාවන් හමුවේ පසුබෑමට ශී‍්‍ර ලංකා පිලට සිදුවිය.


අදහස් (0)

දැල්පන්දු කී‍්‍රඩිකාවෝ අයර්ලන්තය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.