Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු කී‍්‍රඩිකාවන්ට විදෙස් පුහුණුවක්

දැල්පන්දු කී‍්‍රඩිකාවන්ට විදෙස් පුහුණුවක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දහවැනි ආසියානු ජේ්‍්‍යෂ්ඨ දැල්පන්දු ශූරතාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රියාත්මක වන ජාතික දැල්පන්දු සංචිතයේ ක‍්‍රීඩිකාවන්ට විදේශ රටක වැඩිදුර පුහුණුවක් දීමට ශ‍්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය අපේක්ෂා කරයි. නවසීලන්තය, ඕස්ටේ‍්‍රලියාව හෝ එංගලන්තය යන රටවල් තුනෙන් එකකට ශ‍්‍රී ලංකා දැල්පන්දු ක‍්‍රීඩිකාවන් යැවීමට ශ‍්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය කටයුතු කරමින් සිටියි.

ඉකුත් දා ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා පැවැති තරගවලින් ක‍්‍රීඩිකාවන් 30 දෙනකු තෝරා සංචිත ගත කළ අතර තවත් ක‍්‍රීඩිකාවෝ 9 දෙනෙක් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් සංචිතයට එක්වුහ. වත්මන් ජාතික සංචිතයේ දැල්පන්දු ක‍්‍රීඩිකාවෝ 39 දෙනෙක් සිටිති.

ඉදිරියේදී සංචිතයේ ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාව 21 දෙනකු දක්වා අඩු කිරීමෙන් අනතුරුව මෙම පුුහුණු සංචාරය සංවිධානය කිරීමට ශ‍්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය අපේක්ෂා කරයි.

ශ‍්‍රී ලංකාව අවසන් වරට ආසියානු දැල්පන්දු තරගාවලියක් ජයගෙන ඇත්තේ 2009 වසරේ කොළඹදීය. දමයන්ති ජයතිලකගේ නායකත්වයෙන් 2009 වසරේ ජයගත්තද, 1989, 1997 සහ 2001 යන වසරවලදී ශ‍්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගෙන තිබේ.

ආසියාවේදී ශ‍්‍රී ලංකාවට අභියෝගයක්වන එකම රට සිංගප්පුරුවයි.
 2012 වසරේ පැවැති තරගාවලියේ අවසන් තරගයේදී සිංගප්පුරුව හමුවේ ශ‍්‍රී ලංකාව පරාජය වුයේ ලකුණු 48-47 ක් ලෙස එක ලකුණකිනි. 2014 දී ශ‍්‍රී ලංකාව ලකුණු 59-41 ක් ලෙස සිංගප්පුරුව හමුවේ පරාජය ලැබීය.

පසුගිය වසරේ සිඞ්නිහී පැවැති ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියේදී ශ‍්‍රී ලංකාව 16 වැනි ස්ථානයටත්, සිංගප්පුරුව 15 වැනි ස්ථානයටත් පත්විය. දැල්පන්දු කණ්ඩායම් ලෝක ශ්‍රේණිගත කිරීමේදී සිංගප්පුරුව 15 වැනි ස්ථානයේ සිටියත් ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ එහි 24 වැනි ස්ථානයයි.

ආසියානු දැල්පන්දු ශූරතාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිණීය මේ වන තෙක් තෝරාගෙන නොමැත.


- 090

 


අදහස් (0)

දැල්පන්දු කී‍්‍රඩිකාවන්ට විදෙස් පුහුණුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.