Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ද්විත්ව ප්‍රයාම ලෝක ශූරතාවලියට යති

ද්විත්ව ප්‍රයාම ලෝක ශූරතාවලියට යති

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී හෙට (27) සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 2018 ලෝක ශූරතා ද්විත්ව ප්‍රයාම තරගාවලිය සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් දෙදෙනෙකු අද (26) රාත්‍රී අයර්ලන්තය බලා පිටත්ව යාමට නියමිතය. මෙම ක්‍රීඩාව දුවමින් ඉලක්කයට වෙඩි තැබීමේ තරගයකි.

ජාත්‍යන්තර නූතන පංච ප්‍රයාම සම්මේලනයේ ඇරයුමක් අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අසංක නිලවීර සහ සුරේෂ් කැලුම් එම සංචාරයට පිටත්ව ගිය අතර ඔවුන්ගේ කළමනාකරු ලෙස බි්‍රගේඩියර් යුෂාන් කෝදාගොඩ මහතා කටයුතු කරයි.

පසුගිය අගෝස්තු මාසයේ බණ්ඩාරගම පැවැති ද්විත්ව ප්‍රයාම තරගාවලියේදී අසංක සහ සුරේෂ් දැක්වූ දක්ෂතා මත ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සම්මේලනය විසින් ලෝක ශූරතා තරගාවලියට තෝරාගන්නා ලදී. මෙම ක්‍රීඩකයන් දෙදෙනා 2017 සහ 2018 වසරවල පැවැත්වූ දිව්ත්ව ප්‍රයාම තරගාවලියන්හිදීද දැක්වූ දක්ෂතා පදනම් කරගෙන ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පළමු 10දෙනා අතරට පැමිණීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් දෙදෙනෙකු ලෝක ශූරතා ද්විත්ව ප්‍රයාම තරගාවලියකට සහභාගිවන ප්‍රථම අවස්ථාව මෙය ලෙස ද හැඳින්වෙයි. මෙම සංචාරය සඳහා තෝරාගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනාගේ නිලඇඳුම් කට්ටල සහ අනෙකුත් අවශ්‍යතා සඳහා අනුග්‍රහය දැක්වීමට ‘ඩිල්මා’ තේ සමාගම ඉදිරිපත් වී ඇති අතර ඒ සඳහා වූ අනුග්‍රාහකත්වය කොළඹදී පිරිනැමිණ.

‘ඩිල්මා’ තේ සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ (අලෙවි) රොෂාන් තිස්සආරච්චි සහ සාමාන්‍යාධිකාරී (අලෙවි) වජිර සුගතපාල යන මහත්වරු එම අවස්ථාවට සහභාගි වූ අතර ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සම්මේලනයේ සභාපති නිශාන්ත පියසේන, ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ යන මහත්වරුද ඊට සහභාගි වූහ.

මෙහිදී අදහස් දැක්වූ ‘ඩිල්මා’ තේ ආයතනයේ අලෙවි අධ්‍යක්ෂ රොෂාන් තිස්සආරච්චි මහතා මීට පෙර තම ආයතනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් නිල අනුග්‍රාහකත්වය දැක්වූ බවත් ඊට අමතර අවශ්‍යතා අනුව විවිධ කටයුතු සඳහා අනුග්‍රාහකත්වය ලබාදී ඇති බවත් පැවැසීය.

ද්විත්ව ප්‍රයාම ලෝක ශූරතාවලිය සඳහා ‘ඩිල්මා’ තේ සමාගම පිරිනමන ලද්දේ කාලීන අවශ්‍යතාවයක් සහ අනාගතයේ ඉදිරියට දක්ෂයන් බිහිකළ හැකි ක්‍රීඩාවක් කියා යැයිද හෙතෙම පැවැසීය.

 


අදහස් (0)

ද්විත්ව ප්‍රයාම ලෝක ශූරතාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.