දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කළ 26 වැනි දකුණු පළාත් ක්‍රීඩා උළෙල ලබන බ්‍රහස්පතින්දා (28) මාතර කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය එදින පෙරවරු 9.00 ට ඇරැඹෙයි.
දකුණු පළාතේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා ජාතික මට්ටමට ගෙන ඒමේ අපේක්‍ෂාවෙන් මෙම ක්‍රීඩා උළෙල වාර්ෂිකව සංවිධාන කෙරේ.
දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පස්වරු 3.00 ට සමාප්ති උත්සවය පැවැත්වීමට නියමිතය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.