ශ්‍රී ලංකා ජාතික ඉලක්කයට වෙඩි තැබීමේ ක‍්‍රීඩා සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ශිරන්ත පීරිස් මහතා නිතරගයෙන් පත්විය. මෙවර එහි නිලවරණය (2015-17) නොබෝදා වත්තල උස්වැටකෙයියාවේදී පැවැත්විණි.
මෙවර විශේෂ සිදුවීම වන්නේ මෙතෙක් සම්මේලනයේතනතුරු දැරූ ත‍්‍රිවිධ හමුදාවේ නිලධාරීන් මෙවර නිලවරණයට ඉදිරිපත් නොවීමයි.
ත‍්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ජාතික ඉලක්කයට වෙඩි තැබීමේ සම්මේලනයේ තනතුරු අත් හැරීම පිළිබඳ පැහැදිලි හේතුවක් ප‍්‍රකාශ නොවීය.
නිලවරණයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී නව සභාපති ශිරන්ත පීරිස් මහතා ප‍්‍රකාශ කළේ ත‍්‍රිවිධ හමුදා නිලධාරීන් ඉලක්කයට වෙඩි තැබීමේ සම්මේලනයේ තනතුරු අත්හැරියත් ක‍්‍රීඩාව සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සහයෝගය අඛණ්ඩව දීමට ඔවුන් ප‍්‍රතිඥා දී තිබෙන බවයි.
ඉලක්කයට වෙඩි තැබීමේ ක‍්‍රීඩා ඉසව් සඳහා යොදා ගන්නා වෙඩි පිටි බහුතරයක් ත‍්‍රිවිධ හමුදාව සතුවේ. එළඹෙන සාග් ක‍්‍රීඩා උළෙල සිය සම්මේලනයේ පළමු ඉලක්කය බව පැවසූ ඔහු ලබන අගෝස්තු 6-7 යන දෙදින සාග් තේරීම් කරන වැලිසර නාවික හමුදා කඳවුරේදී පැවැත්වෙන බව පැවසීය.
ඒ සඳහා ජාත්‍යන්තර පුහුණුකරුවන් දෙදෙනකු ශ්‍රී ලංකාවට කැඳවනු ලබන අතර දකුණු ආසියානු තරගාවලිය ඉලක්ක කරගනිමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 45 දෙනකුගෙන් සමන්විත පුහුණු සංචිතයක් එහිදී ස්ථාපිත කෙරෙන බවද ශිරන්ත පීරිස් මහතා පැවසීය.
දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල හැරෙන්නට අසර්බයිජානයේදී පැවැත්වෙන ලෝක ශූරතාවලිය, කුවේට් හිදී පැවැත්වෙන ලෝක විවෘත ශූරතාවලිය, 2016 රියෝ ඔලිම්පික් උළෙල ඇතුළු තවත් ජාත්‍යන්තර තරගාවලි කීපයකට ශ්‍රී ලංකාව කණ්ඩායම් සහභාගී කිරීමට යෝජිතය.
සම්මේලනයේ තීරකවරුන්ගේ කමිටුවේ සභාපති රසල් ගේ‍්‍ර, තාක්‍ෂණික කමිටුවේ ලේකම් අනිල් වීරසිංහ, එම කමිටු සභික ජගත් රණසිංහ, උප සභාපති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණි වල්ගම, සම්මේලනයේ වැඩබලන ලේකම් එල්මෝ රුද්‍රිගූ හා රයිෆල් සංගමයේ ලේකම් ප‍්‍රදීප් එදිරිසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වුහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.