Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තෝරාගැනීමේ බොක්සිං තරගාවලිය 23 සිට 25 දක්වා

තෝරාගැනීමේ බොක්සිං තරගාවලිය 23 සිට 25 දක්වා

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු බොක්සිං සංගමය සංවිධානය කරන ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලියට සහභාගී  වන ශ්‍රී ලංකා කී‍්‍රඩක කි‍්‍රඩිකාවන් තෝරාගැනීමේ තරගාවලිය මේ මස 23 වැනිදා සිට 25 වැනිදා යන දින වලිදී කොළඹ රාජකීය විදුහල් බොක්සිං කී‍්‍රඩාගාරයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් මෙහෙයවීම් කටයුතු කෙරෙන අතර තරගාවලියේ කාල සටහන සහ තරග වදින අනුපිළිවෙළ ආරම්භක දින උදෑසන 11.00 ට ඉදිරිපත් කිරීමට නියමිතය.

දිවයිනේ බොක්සිං ක‍්‍රීඩාවේ තත්ත්වය උසස් මට්ටමක රඳවාගැනීමේ අරමුණින්, ස්ටබ්ස් පළිහ, ජාතික කනිෂ්ඨ ශූරතාවලිය, යොවුන් බොක්සිං ශූරතාවලිය, කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය සහ පාසල් බොක්සිං ශූරතාවලිය යන තරග වලදී රන් සහ රිදී පදක්කම් දිනූ 1996 සහ 1997 වසර වලදී උපන් මේ වන විට වයස 17 - 18 අතර පසුවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පමණක් මෙම තරගාවලිය විවෘත වන බව ආධුනික බොක්සිං සංගමය පවසයි.

තරගාවලියට සහභාගීවන තරගකරුවන්ගේ බර මැනීමේ කටයුතු 23 වැනිදා කෙරෙන අතර වෛද්‍ය පරීක්ෂණ කටයුතු 24 සහ 25 යන දින වල උදෑසන 8.00 සිට 10.00 දක්වා කොළඹ රාජකීය විදුහල් බොක්සිං කී‍්‍රඩාගාරයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේදී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දක්වන දස්කම් සැලකිල්ලට ගනිමින් ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමට නියමිත අතර එම තරගාවලිය ලබන වසරේ 24 වැනිදා සිට 31 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වේ.

 

- 036


අදහස් (0)

තෝරාගැනීමේ බොක්සිං තරගාවලිය 23 සිට 25 දක්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.