Last Update  :  2025-08-27 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තෙවැනි වරටත් ජාතික ටෙනිස් ශූරතාව දිනාරාට
ජාතික ටෙනිස් ශූරතාවලිය

තෙවැනි වරටත් ජාතික ටෙනිස් ශූරතාව දිනාරාට

editorial - 2025 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සංවිධානත්වයෙන් එම සංගම් මුලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති 111 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට දිනාරා ද සිල්වා සමත් විය. 

ක්‍රීඩිකාවන් 41 දෙනෙක් සහභාගි වූ විවෘත කාන්තා ඉසව්වේ අවසන් මහ තරගයේදී නෙසංගි හේමකුමාරට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කරමින් දිනාරා තෙවැනි වරටත් ජාතික ටෙනිස් ශූරිය බවට පත් විය. 

මෙවර තරගාවලියේ කනිෂ්ඨ ජාතික ශූරය බවට පත්වූයේද දිනාර වීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත්වූ අතර මෙම ජයග්‍රහණයත් සමග එකම වසරකදී කනිෂ්ඨ ජාතික ශූරාතාව මෙන්ම ජාතික ශූරතාවද දිනාගත් ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවට දිනාරාගේ නමත් එක් විය. 

අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් ලෙස යුහන්සා පීරිස් පරාජය කරමින් දිනාරා අවසන් තරගයට පිවිසි අතර නෙසංගි අවසන් තරගයට පිවිසියේ අවසන් පූර්ව වටයේදී වට 2-1 ක් ලෙස වෙනුලි ජයසිංහ පරාජය කරමිනි. 

 

අවසන් මහ තරගය 
දිනාරා ද සිල්වා විසින් තරග වට 2-0 ක් ලෙස නෙසිංගි හේමකුමාර පරාජය කරන ලදි. (6/1, 6/3) 

අවසන් පූර්ව තරග 
දිනාරා ද සිල්වා විසින් තරග වට 2-0 ක් ලෙස යුහන්සා පීරිස් පරාජය කරන ලදි. (6/2, 6/0) 
නෙසිංගි හේමකුමාර විසින් තරග වට 2-1 ක් ලෙස වෙනුලි ජයසිංහ පරාජය කරන ලදි. (6/3, 4/6, 6/4) 


අදහස් (0)

තෙවැනි වරටත් ජාතික ටෙනිස් ශූරතාව දිනාරාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.