
(කටුනායක ටී.කේ.ජී. කපිල)
දකුණු කොරියාවේ සහ මැලේසියාවේ පැවැති කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගී වී රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට තෙනුර ලක්සෙන් සමත්විය.
දකුණු කොරියාවේ පැවැති 14 වැනි ලෝක කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලියේ දී කනිෂ්ඨ කිලෝ ග්‍රෑම් 75 ට වැඩි බර පංතිය යටතේ තරග කළ තෙනුර එහිදී දෙවැනි ස්ථානයට පත් වෙමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙම තරගාවලිය ඉකුත්දා සෝල් නුවර දී පැවැත්විණි.
එමෙන්ම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැති කායවර්ධන ජාත්‍යන්තර සම්මේලන තරගාවලියේ දී තෙනුර ලක්සෙන් කායවර්ධන කනිෂ්ඨ විවෘත අංශයෙන්, ස්පෝර්ට්ස් කනිෂ්ඨ විවෘත අංශයෙන් රිදී පදක්කම් 02ක් සහ ක්ලැසික් කනිෂ්ඨ විවෘත අංශයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.