Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ටෙහාන් - අංජලිකා මිශ‍්‍ර යුගල ශූරතාව දිනති
ජාතික ටෙනිස් ශූරතාවලිය

ටෙහාන් - අංජලිකා මිශ‍්‍ර යුගල ශූරතාව දිනති

editorial - 2022 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 106 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ මිශ‍්‍ර යුගල ශූරතාව දිනාගැනීමට ටෙහාන් විජේමාන්න සහ අංජලිකා කුරේරා සමත් වූහ. අවසන් මහ තරගයේදී චාතූර්ය නිලවීරට සහ සවිනි ජයසූරියට එරෙහිව වට 2-1 ක ජයක් වාර්තා කරමින් ටෙහාන් සහ අංජලිකා එම ශූරතාවට හිමිකම් කීහ.

අවසන් තරගයේ පළමු වටය ලකුණු 6/1 ක් ලෙස ජයගත් ටෙහාන් සහ අංජලිකා, දෙවැනි වටයේදී චාතූර්ය සහ සවිනි හමුවේ ලකුණු 6/1 ක් ලෙස පරාජයට පත්වූහ.

කණ්ඩායම් දෙකටම තීරණාත්මක වූ තෙවැනි වටය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර අවසානයේ ලකුණු 10/8 ක් ලෙස ඉන් ජය ලැබූ ටෙහාන් සහ අංජලිකා සමස්ත තරගයෙන් වට 2-1 ක ජයක් ලැබූහ.

පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස සයිධ් සිහාර් සහ රජීඩා රිසාක් පරාජය කරමින් චාතූර්ය සහ සවිනි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. ටෙහාන් සහ අංජලිකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී විබුද විජේබණ්ඩාර සහ ජනාලි මනම්පේරි හමුවේ නිතර ජයක් ලබමිනි.  

මෙවර ජාතික ශූරතාවලියේ කාන්තා කේවල ශූරතාව මෙන්ම වයස 18 න් පහළ බාලිකා කේවල ශූරතාවද දිනාගන්නා ලද්දේ අංජලිකා කුරේරා විසිනි. ඒ අනුව මෙවර තරගාවලියේදී ඇය දිනාගත් තෙවැනි ශූරතාව මෙය විය. එකම වසරකදී ජාතික ශූරිය මෙන්ම කනිෂ්ඨ ජාතික ශූරිය බවට පත්වූ කී‍්‍රඩිකාවන් ගොන්නටද අංජලිකාගේ නම එක් විය.


මිශ‍්‍ර යුගල අවසන් මහ තරගය
ටෙහාන් විජේමාන්න සහ අංජලිකා කුරේරා විසින් වට 2-1 ක් ලෙස චාතූර්ය නිලවීර සහ සවිනි ජයසූරිය පරාජය කරන ලදි. (6/1, 1/6, 10/8)

 

 

 


අදහස් (0)

ටෙහාන් - අංජලිකා මිශ‍්‍ර යුගල ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.