කොළඹ ටොරින්ටන් පෙදෙස කී‍්‍රඩා විද්‍යායතනයේදී අද (10 වැනිදා) පැවැති ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ මහ සභා රැස්වීම සහ නිලවරණයේදී සභාපති තනතුර සඳහා බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා මහතා නිතරගයෙන් පත්විය.
ඡන්දයක් පැවැත්වීම සඳහා දෙපාර්ශ්වයක් නොමැති වීම හේතුවෙන් සම්මේලනයේ අනෙකුත් ප‍්‍රධාන තනතුරු සඳහාද නිලධාරීන් පත්වූයේ නිතරගයෙනි.
ඒ අනුව ලේකම් ධූරය සඳහා හිටපු ලේකම් උපුල් ප‍්‍රනාන්දු මහතාද, උප සභාපති ධූර සඳහා බි‍්‍රගේඩියර් කීර්ති කොස්තා සහ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ප‍්‍රනාන්දු යන මහත්වරුන්ද, උප ලේකම් ධූරය සඳහා කර්නල් ජයන්ත හේමකුමාර මහතාද, භාණ්ඩාගාරික ධූරය සඳහා චමින්ද පුංචිහේවා මහතාද නිතරගයෙන් පත්විය.
සම්මේලනයේ කමිටු සාමාජික තනතුරු සඳහා නාමයෝජනා හතරක් ලැබී තිබූණද, පත්කරගනු ලබන්නේ කමිටු සාමාජිකයන් තිදෙනෙකු බැවින් ඒ සඳහා පමණක් ඡන්දයක් පැවැත්විණ. එහිදී වැඩි ඡුන්දයෙන් ප‍්‍රදීප් තුෂාර, බන්දුල සම්පත්, සුසන්ත පි‍්‍රයලාල් යන මහත්වරු කමිටු සාමාජික තනතුරු සඳහා තේරී පත්වූහ.
නිලවරණයෙන් අනතුරුව සම්මේලනයේ සෙසු සාමාජිකයන් හමුවේ අදහස් දැක්වූ රාජකරුණා මහතා කියා සිටියේ ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය සහ ආසියානු ටයිකොන්ඩෝ සම්මේලනය සමග ඍජු සම්බන්ධතා පවත්වමින් ශ්‍රී ලංකාවේ ටයිකොන්ඩෝ කී‍්‍රඩාව තවත් ඉහළට ඔසවා තබන බවයි.
මහ සභා රැස්වීම අවසානයේ පැවැති නව අදහස් සහ යෝජනා වාරයේදී මධ්‍යම පළාත නියෝජනය කළ පුහුණුකරුවකු සහ පාසල් ටයිකොන්ඩෝ සංගමය නියෝජනය කළ නිලධාරියකු කියා සිටියේ ප‍්‍රමාණවත් තරම් කී‍්‍රඩා භාණ්ඩ නොමැති වීම නිසා පුහුණුවීම් වලදී මෙන්ම තරගාවලි වලට සහභාගී වීමේදීද කී‍්‍රඩකයන් දැඩි අපහසුතාවකට පත් වන බවයි.
ඊට පිළිතුරු දෙමින් හිටපු සභාපති නන්ද ගමාරච්චි මහතා කියා සිටියේ තම ධූර කාලය තුළදී කී‍්‍රඩා භාණ්ඩ තොගයක් සම්මේලනයට ලැබුණ නමුත් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ එම කාල වකවානුවේදී කී‍්‍රඩා භාණ්ඩ බෙදාදීම සදාචාර සම්පන්න කි‍්‍රයාවක් නොවූ නිසා එය තරමක් ප‍්‍රමාද කළ බවය.
ඒ අනුව නව නිලධාරී මණ්ඩලයේ අධීක්ෂණය යටතේ හැකි ඉක්මනින් එම කී‍්‍රඩා භාණ්ඩ තොගය කී‍්‍රඩා සංගම් වලට බෙදා දීමට හැකි බවද ගමාරච්චි මහතා ප‍්‍රකාශ කළේය.
ඡායාරූපය - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.