Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික ස්කොෂ් ශූරතාවලිය ඇරඹේ

ජාතික ස්කොෂ් ශූරතාවලිය ඇරඹේ

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ‍්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කරන 41 වැනි ජාතික ස්කොෂ් ශූරතාවලිය ඊයේ (6 වැනිදා) ආරම්භ විය. තරගාවලිය ලබන 9  වැනිදා දක්වා සිංහල ක‍්‍රීඩා සමාජ (එස්.එස්.සී.) ස්කොෂ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මෙව තරගාවලිය සඳහා දිවයින පුරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 400 කට වැඩි පිරිසක් එක්ව සිටින අතර ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝද ඊට ඇතුළත් වෙති.

පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ‍්‍ර යුගල යන ප‍්‍රධාන කාණ්ඩ 5 ට අමතරව පිරිමි වයස 35 න් ඉහළ, 40 න් ඉහළ සහ 50 න් ඉහළ යන වයස් කාණ්ඩ සඳහාද එහිදී තරග පැවැත්වෙන ඇත.

වසරේ ජාතික ශූරයා සහ ශූරිය තෝරා ගැණෙන පිරිමි සහ කාන්තා කේවල අවසන් මහ තරග 9 වැනිදා පස්වරු 4.00 සිට එස්.එස්.සී. ස්කොෂ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව තරගාවලියේ ත්‍යාග ප‍්‍රධානෝත්සවය පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

ජාතික ස්කොෂ් ශූරතාවලිය ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.