Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික ස්කොෂ් අවසන් තරග අනිද්දා

ජාතික ස්කොෂ් අවසන් තරග අනිද්දා

editorial - 2023 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කරන 43 වැනි ජාතික ස්කොෂ් ශූරතාවලියේ අවසන් මහ තරග අනිද්දා (10 වැනිදා) රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයද පැවැත්වේ.  

විවෘත පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ප්‍රධාන කාණ්ඩ 5 යටතේ තරග පැවැත්වෙන මෙම තරගාවලිය ඉකුත් 6 වැනිදා ආරම්භ වූ අතර මේ වන විට එහි අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග පැවැත්වෙමින් තිබේ. 

මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට ආසන්න පිරිසක් එක්ව සිටින අතර ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවෝද ඊට ඇතුළත් වෙති. විවෘත පිරිමි ජාතික ශූරතාව සඳහා තරගවදින ක්‍රීඩකයන් අතර වත්මන් ජාතික ශූර රවිඳු ලක්සිරි සහ ඔහුගේ ප්‍රබලම ප්‍රතිවාදියා වන ශමිල් වකීල් ඉදිරියෙන්ම සිටිති.

විවෘත කාන්තා ජාතික ශූරතාව සඳහා තරගවදින ක්‍රීඩිකාවන් අතර වත්මන් ජාතික ශූරී චනිත්මා සිනාලි, තෙවරක් ජාතික ශූරිය බවට පත්ව සිටින ෆතූම් ඉසඩීන් සහ හෙයානි කුරුප්පු යන ක්‍රීඩිකාවෝ ප්‍රබල තැනක් ගනිති. 


අදහස් (0)

ජාතික ස්කොෂ් අවසන් තරග අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.