Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික මේසපන්දු තරගාවලිය 16-17 මහනුවරදී

ජාතික මේසපන්දු තරගාවලිය 16-17 මහනුවරදී

editorial - 2023 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කරන 77 වැනි ජාතික මේසපන්දු තරගාවලිය මේ මස 16 සහ 17 යන දිනවලදී මහනුවර නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහිදී පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන කාණ්ඩ යටතේ තරග පැවැත්වේ. 

මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 225 දෙනෙක් ලියාපදිංචි වී සිටින අතර සෑම කාණ්ඩයකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා සහතිකපත් පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. 

අවසන් වරට ජාතික පැවැති මේසපන්දු තරගාවලියේදී (2022) පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චමීර ගිණිගේ සමත් වූ අතර කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට සහ මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ බිමන්දි බණ්ඩාර සමත් වූවාය. 

ජාතික තරගාවලිය ආරම්භ වීමට පෙර මේසපන්දු පිරිමි විවෘත ශේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට ලකුණු 105 කට හිමිකම් කියන එම්ජේ පුද්ගලික සමාගමේ ප්‍රසාද් ද සිල්වා සමත්ව සිටියි. නාවික හමුදාවේ නිමේෂ් රංචාගොඩ සහ යුද හමුදාවේ නුවන්ත නිරෝෂන ලකුණු 55 බැගින් ලබා එහි සම දෙවැනි ස්ථාන හිමිකරගෙන සිටිති. 

මේ වන විට කාන්තා විවෘත ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන බිමන්දි බණ්ඩාර ලකුණු 90 කට හිමිකම් කියන අතර වරාය අධිකාරියේ ඉෂාරා මධුරංගි ලකුණු 65 ක්ද, ජී.එස්.එම්. මේසපන්දු විද්‍යායතනයේ මනීෂා ශලින්දි ලකුණු 50 ක්ද ලබා පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති. 

 


අදහස් (0)

ජාතික මේසපන්දු තරගාවලිය 16-17 මහනුවරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.