Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික බොක්සිං ශූරතාවලිය 13 දා සිට

ජාතික බොක්සිං ශූරතාවලිය 13 දා සිට

editorial - 2024 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 96 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය මෙම මස 13 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී 13 වැනිදා සිට 16 වැනිදා දක්වා පස්වරු 3.00 සිට මූලික තරග පැවැත්වෙන වන අතර 17 වැනිදා 2.30 සිට අවසන් මහ තරග පැවැත්වීමට නියමිතය. 

වයස අවුරුදු 19 ත් 40 ත් අතර පසුවන ආධුනික, අතරමැදි, ස්ටැබ්ස් පළිහ සහ ජාතික කණිෂ්ට යන බොක්සිං තරගාවලිවලදී ජයග්‍රහණ ලැබූ තරගකරුවෝ පමණක් මෙම තරගාවලියට සහභාගි වෙති. ඒ අනුව මේ වසරේදී ක්‍රීඩා සමාජ 20 ක් නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වී සිටින තරගකරුවන් සංඛ්‍යාව 150 ක් පමණ වේ. 

මෙවර තරගාවලියේදී පිරිමි අංශයෙන් බර පංති 13 ක් යටතේද, කාන්තා අංශයෙන් බර පංති 12 ක් යටතේද තරග පැවැත්වේ. සෑම තරගයක්ම විනාඩිය බැගින් වූ වට 3 කින් සමන්විත වන අතර සෑම තරග වටයක් පාසාම තරගකරුවන්ට විනාඩියක විවේක කාලයක් හිමිවේ. 

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම පරාජිතයා, දක්ෂතම ක්‍රීඩිකාව සහ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව සඳහාද කුසාලන පිරිනැමීමට සංවිධාකයෝ සූදානමින් සිටිති. 

ඉකුත් වසරේදී පැවැති ජාතික බොක්සිං ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වීමට ලෙස ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතියෙන් තරග වැදුණ විද්‍යාරතන ක්‍රීඩා සමාජයේ උමයංග මිහිරාන් සමත් වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතියෙන් තරග වැදුණ ගුවන් හමුදාවේ නිෂාදි මල්ෂානි සම්මාන දිනාගත්තාය. 


අදහස් (0)

ජාතික බොක්සිං ශූරතාවලිය 13 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.