
නාමල් පතිරගේ
මීගමුවේදී පැවැති 77 වැනි ශ්‍රී ලංකා (ජාතික) අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේ (2025) ජය මොහොමඩ් හකීම්ට හිමි විය.ඒ අනුව තරගකරුවන් 150 දෙනෙකු අතරින් මෙවර ජාතික අයෝමය ශූරයාට තේරුණු හකීම් කටාරයේ යූ.ඩී.ෆිට්නස් ස්ටුඩියෝ කායවර්ධන මධ්‍යස්ථානය නියෝජනය කරමින් තරගාවලියට ඉදිරිපත් විය.ඒ වෙනුවෙන් ඔහු රුපියල් 250000 ක ත්‍යාග මුදලක් දිනා ගත්තේය.
රුපියල් 150000 ක් දිනා ගනිමින් මෙවර ජාතික අයෝමය ශූරයා තරගාවලියේ අනුශූරයා වූයේ ඔලිම්පික් ෆිට්නස් කායවර්ධන මධ්‍යස්ථානයේ ඩබ්.රංග සිල්වායි.රොයර් ෆිට්නස් ආයතනයේ එෆ්.ආර්.ෆසීල් එහි තෙවැනි ස්ථානය අත් කර ගත්තේ රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් දිනා ගනිමිනි.
මීගමුව ගෝල්ඩන් ස්ටාර් බීච් හෝටලයේදී කාන්තා ඉසව්වක්ද ඇතුළුව පිරිමි ඉසව් රැසකින් සමන්විතව මෙවර තරගාවලිය පැවැත්වුණි.
මෙවර තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගත් හකීම් කටාර් රාජ්‍යයේ කායවර්ධන උපදේශකවරයෙකු ලෙස සේවය කරන අතර 2024 ජාතික අයෝමය ශූරයා තේරීමේ තරගාවලියටත් ඉදිරිපත් වූ තරගකරුවෙකි.කිලෝග්‍රෑම් 85 ට වැඩි බර පංතියේ ජයග්‍රාහකයා වෙමින් ඔහු අවසන් වටයට නිර්දේශ ලැබීය.
කාන්තා ශරීර නිරූපන (ෆිට් මොඩ්ල්) ඉසව්වේ ජයග්‍රාහිකාව වූයේ ආර්.එම්.එන්.සදමාලීය.ඇය ට්‍රාන්ස්ෆෝමස් කායවර්ධන මධ්‍යස්ථානය නියෝජනය කරමින් තරග වැදුණි.දෙවැනි ස්ථානය එහිම බී.දක්ෂිතා විසින්ද හා තෙවැනි ස්ථානය පානදුර ෆවර් හවුස් කායවර්ධන මධ්‍යස්ථායේ බී.සුවිනී සුලෝචනා විසින්ද හිමි කර ගන්නා ලදී.
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති රන්දීර් රුද්‍රිගු මහතා පැවැසුවේ රට තුළ උද්ගතවූ හදිසි ජාතික විපත් තත්වය හේතුවෙන් මෙවර තරගාවලිය අත් හැර දැමීමට සම්මේලනයට යෝජනා ඉදිරිපත්ව තිබූ බවයි.එහෙත් පෙර සූදානමින් ඒ සදහා පුහුණුවීම් පවත්වා ගෙන ගිය ක්‍රීඩකයන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙමින් එය පවත්වා අවසන් කිරීමට කායවර්ධන සම්මේලනය උනන්දුවූ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
ජය සංකේත ප්‍රදානෝත්සවය ජේය්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති සජීව මැදවත්ත හා කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.