ජාතික අයෝමය ශූරයා (2013) ලෙස ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් තේරුණි. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැති 66 වැනි ජාතික අයෝමය ශූරතාව දිනාගත් ලූෂන් පුෂ්පරාජ් තරගාවලියට ආධුනිකයකු වීම කැපී පෙනේ.
එහි දී ගිය වර ශූරතාව දිනාගත් නාවික හමුදාවේ සුභාෂ් සිරිවර්ධන දෙවැනි තැනට පත් විය. කිලෝග‍්‍රෑම් 85 බර පංතියේ ජයග‍්‍රාහකයා වෙමින් සමස්ත අවසන් තරගයට තේරුණු ඔහුට රුපියල් ලක්ෂයක් සමග රුපියල් 70,000ක් වටිනා කායවර්ධන උපකරණ ප‍්‍රදානය කෙරුණි.
දෙවැනි තැනට පත් සුභාෂ් සිරිවර්ධන කිලෝග‍්‍රෑම් 75 බර පංතියේ ජයග‍්‍රාහකයා වන අතර ඔහුට රුපියල් 50,000ක මුදලක් ප‍්‍රදානය කෙරුණි. තරගාවලිය සඳහා ඉදිරිපත් වූ තරගකරුවන් ගණන 70කි.
මේ අතර තරගාවලියේ ජය සංකේත ප‍්‍රදානෝත්සවයේ දී සභාව ඇමතූ කායවර්ධන අතුරු කමිටුවේ සභාපති කපිල කුමාර මහතා විශේෂයෙන්ම ති‍්‍රවිධ හමුදාවේ සේවය කරමින් වරප‍්‍රසාද රැුසක් ලබා ගන්නා ක‍්‍රීඩකයන්ගේ දස්කම් අවම මට්ටමකට පැමිණීමත් ඔවුන් සමහරුන් තරගාවලියට ඉදිරිපත් නොවීමත් කනගාටුවට කරුණක් බව පැවැසීය. එය කායවර්ධන ක‍්‍රීඩාවේ හෙට දවසට ඉතා අහිතකර තත්ත්වයක් වන බවත් පැවැසීය.
මෙවර ජාතික තරගාවලියේ වයස 21න් පහළ කනිෂ්ඨ තරගය ජයගත් සජිත් අෂාන් ප‍්‍රනාන්දුට ද රුපියල් 70,000ක් වටිනා කායවර්ධන උපකරණ ප‍්‍රදානය කෙරුණි. ප‍්‍රවීණයන්ගේ තරගය ආර්.ඒ. සුදත් ජය ගත්තේය. හේමාස් මැනුපැක්චර්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් (ගෝල්ඞ් නිෂ්පාදන) ආයතනය තරගාවලියට අනුග‍්‍රහය දැක්වීය.
අවසන් තරග ප‍්‍රතිඵල
කිලෝ ග‍්‍රෑම් 55 බර පංතිය
1.එච්.එම්.ආර්.බී. තෙන්නකෝන් (ගුවන් හුමුදාව)
කිලෝ ග‍්‍රෑම් 60 බර පංතිය
1. වයි.ජී. අමිල යුද හමුදාව)
කිලෝ ග‍්‍රෑම් 65 බර පංතිය
1. සුරේෂ් කරුණාතිලක (ගුවන් හමුදාව)
කිලෝ ග‍්‍රෑම් 70 බර පංතිය
1. අශේන් මධුරසිංහ (ලයිෆ් ටයිම් ෆිට්නස්)
කිලෝ ග‍්‍රෑම් 75 බර පංතිය
1.සුභාෂ් සිරිවර්ධන (නාවික හමුදාව)
කිලෝ ග‍්‍රෑම් 80 බර පංතිය
1. ජී.කේ. මාගින් ආරච්චි (පවර් රික්රියේට් - මහනුවර)
කිලෝ ග‍්‍රෑම් 85 බර පංතිය
1. පී.එම්. බස්නායක (පවර් රික්රියේට් - මහනුවර)
කිලෝ ග‍්‍රෑම් 85ට වැඩි බර පංතිය
1. ලූෂන් පුෂ්පරාජ් (පවර් මෑන් - කටාන)
වයස 21න් පහළ (කනිෂ්ඨ)
1. ඩබ්. සජිත් අෂාන් ප‍්‍රනාන්දු (ෆිට්නස් මාස්ටර් - රත්මලාන)
වයස 45න් පහළ (ප‍්‍රවීණ)
1. ආර්.ඒ. සුදත් (අර්.ඒ.එස්.ජිම්)
සමස්ත අවසන් මහා තරගය
1. ලූෂන් පුෂ්පරාජ් (පවර් මෑන් - කටාන)
2. සුභාෂ් සිරිවර්ධන (නාවික හමුදාව)
3. වයි.ජී. අමිල (යුද හමුදාව)
4. ජී.කේ. මාගින්ආරච්චි (පවර් රික්රියේට් - මහනුවර)
5. එම්.පී. අශේන් මධුරසිංහ (ලයිෆ් ටයිම් ෆිට්නස්)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.