හතළිස් එක්වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ හොකී තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම දිනාගැනීමට මධ්‍යම පළාත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
කොළඹ කෘතිම හොකී කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ අනුශූරතා ද්විත්වයම බස්නාහිර පළාතට හිමිවීම විශේෂත්වයක් විය.
පිරිමි අවසන් මහ තරගයේදී මධ්‍යම පළාත් කණ්ඩායම විසින් ගෝල 2-1 ක් ලෙස බස්නාහිර පළාත් කණ්ඩායමද, කාන්තා අවසන් මහ තරගයේදී මධ්‍යම පළාත් කණ්ඩායම විසින් ගෝල 7-0 ක් ලෙස බස්නාහිර පළාත් කණ්ඩායමද පරාජය කරනු ලැබීය.
පිරිමි අංශයේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ඌව පළාත් කණ්ඩායම ගෝල 3-1 ක් ලෙස පරාජය කිරීමට වයඹ පළාත් කණ්ඩායම සමත් වූ අතර කාන්තා අංශයේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී උතුරු පළාත් කණ්ඩායම ගෝල 5-0 ක් ලෙස පරාජය කිරීමට දකුණු පළාත් කණ්ඩායම සමත් විය.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස මධ්‍යම පළාතේ ආර්. කේ. විල්ලවරායන්ද, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස මධ්‍යම පළාතේම එම්. ධර්මරත්නද සම්මාන දිනාගත්හ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.