Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික ටයිකොන්ඩෝ ශූරතාව වයඹට

ජාතික ටයිකොන්ඩෝ ශූරතාව වයඹට

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හතළිස් එක්වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ ටයිකොන්ඩෝ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට රන් පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් වයඹ පළාත සමත් විය.

රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිගානත් සබරගමුව පළාත අනුශූරතාව හිමිකරගත් අතර රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගත් බස්නාහිර පළාතට තෙවැනි ස්ථානය හිමිවිය.

තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට උතුරු මැද පළාතත්, කාන්තා ශූරතාව දිනාගැනීමට සබරගමුව පළාතත් සමත් විය.

 


තරග ප‍්‍රතිඵල (පිරිමි)

ෆින් (කිලෝ ග‍්‍රෑම් 54 ට අඩු) බර පංතිය
ඒ. ඒ. ශාන්ත (උතුරු මැද පළාත) විසින් ටී. ඞී. රණතුංග (සබරගමු පළාත) පරාජය කරන ලදි.

ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 54-58) බර පංතිය
සී. එස්. ලියනගේ (වයඹ පළාත) විසින් එන්. එස්. කුමාර (ඌව පළාත) පරාජය කරන ලදි.

බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 58-63) බර පංතිය
ඞී. එස්. සායක්කාර (දකුණු පළාත) විසින් එස්. එච්. සිල්වා (දකුණු පළාත) පරාජය කරන ලදි.

ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 63-68) බර පංතිය
පී. එස්. හෙට්ටිආරචිචි (උතුරු මැද පළාත) විසින් ටී. එල්. තිලකරත්න (සබරගමු පළාත) පරාජය කරන ලදි.

ලයිට් (කිලෝ ග‍්‍රෑම් 68-74) බර පංතිය
පී. කේ. පෙරේරා (බස්නාහිර පළාත) විසින් ඞී. කේ. එදිරිසිංහ (උතුරු මැද පළාත) පරාජය කරන ලදි.

වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 74-80) බර පංතිය
අයි. සී. ජයසුන්දර (වයඹ පළාත) විසින් ජේ. සී. ඒකනායක (සබරගමු පළාත) පරාජය කරන ලදි.

මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 80-87) බර පංතිය
සී. ටී. සේනාරත්න (බස්නාහිර පළාත) විසින් ඞී. එස්. දයානන්ද (ඌව පළාත) පරාජය කරන ලදි.

හෙවි (කිලෝ ග‍්‍රෑම් 87 ට වැඩි) බර පංතිය
එච්. ආර්. වනිගසේකර (උතුරු මැද පළාත) විසින් කේ. පී. සංජීව (බස්නාහිර පළාත) පරාජය කරන ලදි.

 


තරග ප‍්‍රතිඵල (කාන්තා)

ෆින් (කිලෝ ග‍්‍රෑම් 46 ට අඩු) බර පංතිය
කේ. කේ. විජේරත්න (සබරගමු පළාත) විසින් ඩබ්ලිව්. සී. ශ්‍රීමතී (දකුණු පළාත) පරාජය කරන ලදි.

ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 46-49) බර පංතිය
ඩබ්ලිව්. ආර්. විජේසූරිය (මධ්‍යම පළාත) විසින් එල්. ඞී. නිමේෂා (සබරගමු පළාත) පරාජය කරන ලදි.

බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 49-53) බර පංතිය
අයි. එස්. ගුණවර්ධන (සබරගමු පළාත) විසින් ඞී. කේ. මීගොඩ (බස්නාහිර පළාත) පරාජය කරන ලදි.

ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 53-57) බර පංතිය
ඒ. ජී. සඳමාලි (දකුණු පළාත) විසින් ඒ. කේ. ගයාෂා (දකුණු පළාත) පරාජය කරන ලදි.

ලයිට් (කිලෝ ග‍්‍රෑම් 57-62) බර පංතිය
පී. කේ. වීරසිංහ (වයඹ පළාත) විසින් කේ. ජී. ඩග්ලස් (සබරගමු පළාත) පරාජය කරන ලදි.

වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 62-67) බර පංතිය
එස්. එම්. ගන්නිලෑගෙදර (වයඹ පළාත) විසින් එල්. ඞී. ගුණවර්ධන (සබරගමු පළාත) පරාජය කරන ලදි.

මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 67-73) බර පංතිය
ටී. සී. කළුආරච්චි (සබරගමු පළාත) විසින් ඒ. එල්. හර්ෂණී (බස්නාහිර පළාත) පරාජය කරන ලදි.

හෙවි (කිලෝ ග‍්‍රෑම් 73 ට වැඩි) බර පංතිය
යූ. යූ. දිසානායක (බස්නාහිර පළාත) විසින් එම්. කේ. පෙරේරා (බස්නාහිර පළාත) පරාජය කරන ලදි.

 


අදහස් (0)

ජාතික ටයිකොන්ඩෝ ශූරතාව වයඹට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.