දියගම ජපන් -ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් කී‍්‍රඩාංගණයේදී පැවැති ජාතික බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රණබිම රාජකීය බේස්බෝල් ක්‍රීඩා සමාජය සමත්විය.
ලීග් ක්‍රමයට අනුව පැවැති තරගාවලියේ අවසන් වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා නවික හමුදා කණ්ඩායම ලකුණු 13 - 2 ක් ලෙස පරාජයට පත් කරමින් ඔවුහු ශූරතාවට හිමිකම් කීහ. මෙය ඔවුන් බේස්බෝල් ජාතික ශූරතාව අඛණ්ඩව දිනාගත් දෙවැනි අවස්ථාවයි.
පසුගිය වසරේ මෙන්ම මෙවරද ලකුණු 1 - 0 ක පරතරයක් ඇතිව තරගාවලියේ අවසන් තරගය ජයග්‍රහණය කිරීමට රණබිම රාජකීයයන්ට හැකිවීම කැපී පෙනෙන සිදුවීමකි.
තරගාවලියේ දෙවැනි ස්ථානය ආදි රාජකීය ක්‍රීඩා සමාජයටත්, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නවික හමුදා කණ්ඩායමටත් හිමි විය.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.