Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජනකට ලෝකඩ පදක්කමක්

ජනකට ලෝකඩ පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී ඇසෑම් ප‍්‍රාන්තයේ දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) පාපැදි තරගාවලියේදී කිලෝමීටර 40 කාලය මැන බැලීමේ කේවළ පිරිමි තරගයේදී ශ‍්‍රී ලංකාවේ ජනක හේමන්ත කුමාර ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට අද (6) සමත්විය.

මෙම කාලය මැනීමේ තරගයේදී පැයට කිලෝමීටර 43.18 ක වේගයක් වාර්තා කරමින් ජනක ලෝකඩ පදක්කම හිමිකරගත්තේය. රන් සහ රිදී පදක්කම් දෙකම ඉන්දියානු කී‍්‍රඩකයන් විසින් දිනාගන්නා ලදි.

ජනක , 2010 වසරේ ඩකා නුවරදී පැවැති 11 වැනි සාග් කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කම දිනා ගත් පාපැදි ක‍්‍රීඩකයාය. මෙම තරගයේදී ශ‍්‍රී ලංකාවේ ඬේන් නුගේරා පස්වැනි ස්ථානය ලැබීය.

කිලෝමීටර 30 කාලය මැන බැලීමේ කාන්තා කේවළ ඉසව්වේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා ශ‍්‍රියාලතා වික‍්‍රමසිංහ (පැ.කි. 35.24) සහ ලසන්ති ක‍්‍රිෂ්ණා ගුණතිලක (පැ.කි. 34.11) පිළිවෙලින් සිවුවැනි සහ හයවැනි ස්ථාන ලැබුහ.


පිරිමි තරගයේ ප‍්‍රතිඵල:

1. අරවින්ද් පන්වාර් (ඉන්දියාව) - (පැ.කි. 45.43)
2. මන්ජීත් සිං (ඉන්දියාව) - (පැ.කි. 44.25)
3. ජනක හේමන්ත කුමාර (ශ‍්‍රී ලංකාව) - (පැ.කි. 43.18)
4. නසීර් අහ්මඞ් (පාකිස්තානය) - (පැ.කි. 43.11)
5. ඬේන් නුගේරා (ශ‍්‍රී ලංකාව) - (පැ.කි. 42.50)


- 090

 


අදහස් (0)

ජනකට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.