ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු පදිවි ප්‍රාප්තිය නිමිත්තෙන් ‘ජනජය 2016’ පාපැදි සවාරිය හෙට (8ð වැනිදා පෙරවරු 8.30 ට දෙහිඅත්තකණ්ඩිය නගරයෙන් ඇරැඹෙයි.
අදියර දෙකකින් පැවැත්වෙන මෙම පාපැදි සවරියේ පළමු අදියර දෙහිඅත්තකණ්ඩියෙන් ඇරැුඹී සිරිපුර, මඩකලපු හන්දිය, මනම්පිටිය, කදුරුවෙල, පොලොන්නරුව, මින්නේරිය, හබරණ, දඹුල්ල නගර පසුකරමින් ඒ 9 මාර්ගය ඔස්සේ මාතලේ අලූවිහාරේ රජමහ විහාරය ඉදිරිපිටින් අවසන් වේ.
මෙම 9 වැනිදා පෙරවරු 8.30 ට මාතලේ නගරයෙන් ආරම්භ වන දෙවැනි අදියර අලවතුගොඩ, කටුගස්තොට, ගන්නෝරුව, පේරාදෙණිය, මාවනැල්ල, කෑගල්ල, නිට්ටඹුව, කඩවත, පෑලියගොඩ නගරය පසුකරමින් බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැුල්ල සේනානායක හන්දිය දක්වා ගමන් කෙරේ.
එතැන් සිට තරගකරුවෝ හෝර්ටන් පෙදෙස ඔස්සේ නෙ`ඵම් පොකුණ වටරවුමෙන් දකුණට හරවා විහාර මහා දේවී උද්‍යානය වටා ඇති මාර්ගයේ ගමන් කර ආනන්ද කුමාරස්වාමී මාවත ඔස්සේ කොළඹ නව නගරය ඉදිරිපිටින් තරගය අවසන් කරති.
ශූරයාට රුපියල් 250,000 ක ත්‍යාග මුදලක් පිරිනැමෙන අතර පළමු ස්ථානයේ සිට 20 වැනි ස්ථානය තෙක් තරගය නිම කරන තරගකරුවන්ට ද ත්‍යාග පිරිනමන බව සංවිධායක කමිටුව පවසයි. හො`දම යොවුන් ක්‍රීඩකයා, දක්ෂතම කදු තරණය කරන්නා මෙන්ම ස්ප්‍රින්ටර් ජයග්රහකයාට ද ත්‍යාග පිරිනැමේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්රදානෝත්සවය කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨය අසළ ඉදිකෙරන වේදිකාවකදී සිදුකෙරේ.
ඩයලොග් ආසියාටා, එල්.ජී.අබාන්ස්, බිම්පුත් ෆයිනෑන්ස් සමාගම මෙම පාපැදි සවාරියට අනුග්‍රහය දක්වයි. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණයෙන් තරගය පැවැත්වෙන අතර තරගකරුවෝ 150 කට වැඩි පිරිසක් සහභාගිවෙති.
එල්.ජී.අබාන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී අජිත් ප්‍රියශාන්ත මහතා විසින් තරගාවලිය සංවිධානය කරන එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතාට අනුග්‍රහකත්වය පිරිනැමු අයුරු.
(ඡායාරූපය: ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.