චෙස් තරගාවලියෙන් ශී‍්‍ර ලංකාවට පදක්කම් 16 ක්
ආසියානු පාසල් අධිවේගී (රැපිඞ්) චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ එකම රන් පදක්කම දිනාගැනීමට ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලයේ එම්.කේ.ටී. චන්කමී සමත්වූවාය.
ඇය වයස 17 න් පහළ (බාලිකා) ඉසව්වේදී රන් පදක්කම දිනාගත් අතර මෙම තරගාවලිය පසුගියදා හික්කඩුව සිට්ට‍්‍රස් හෝටලයේදී අවසන් විය.
මෙම තරගාවලියේදී රන් පදක්කමක් රිදී පදක්කම් 7 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් සමග පදක්කම් 16 ක් දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 16 ක චෙස් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පදක්කම් 42 ක් වෙනුවෙන් මෙම අධිවේගී චෙස් තරගාවලියට සහභාගි වූහ.
ඉන්දියාව රන්පදක්කම් 10 ක් රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් සමග පදක්කම් 14 ක් දිනාගත් අතර උස්බෙකිස්තානය රන් පදක්කම් 2 ක් රිදී පදක්කම් 2 ක් සමග පදක්කම් 4 ක් දිනාගත්තේය.
ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ
-
එම්. කේ. ටී. චන්කමී - 17 න් පහළ (බාලිකා) අංශය (ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලය)
-
සානිකා රණසිංහ - 17 න් පහළ (බාලිකා) අංශය (මාතර සුජාතා බාලිකා විද්‍යාලය)
-
සෙලන්ද සිල්වා - 17 න් පහළ බාලිකා අංශය (කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය)
-
දිනුල් තිසුර දොළුවීර - 17 න් පහළ බාලක අංශය (කොළඹ ආනන්ද විද්‍යාලය)
-
දිනිති කුලතුංග - 17 න් පහළ බාලිකා අංශය (කොළඹ විශාඛා විද්‍යාලය)
-
ඩබ්ලිව්. සනුර රන්මිත් - 15 න් පහළ බාලක අංශය (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
-
මිනුල් සන්ජුල දොළුවීර - 13 න් පහළ බාලක අංශය (කොළඹ රාජකීය විද්‍යාලය)
-
ඩිල්මි ජයවර්ධන - 13 න් පහළ බාලිකා අංශය (ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය)
-
නෙළුනිකා මෙත්මානි - 13 න් පහළ බාලිකා අංශය (කොළඹ අනුලා බාලිකා විද්‍යාලය)
-
දසුනි හන්සිකා - 13 න් පහළ (බාලිකා) වයස් කාණ්ඩය (කොළඹ විශාඛා විද්‍යාලය)
-
රොෂෙල් නතාෂා ආස්කී - 11 න් පහළ (බාලිකා) අංශය (මීගමුව ආවේ මරියා කන්‍යාරාමය)
-
නිමාෂා දුලාංජි - 11 න් පහළ බාලිකා අංශය (ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමය)
-
ආලෝක ප‍්‍රනාන්දු - 9 න් පහළ බාලක අංශය (මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය)
-
දිනිති පංචලී - 7 න් පහළ (බාලිකා) වයස් කාණ්ඩය (කෑගල්ල බාලිකා විද්‍යාලය)
-
මෙතුලි තෙසායා - 5 න් පහළ බාලිකා අංශය
-
ටී. තෙවනි ප‍්‍රනාන්දු - 5 න් පහළ බාලිකා වයස් කාණ්ඩය