Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චෙරන්තගෙන් ශී‍්‍ර ලංකා වාර්තා දෙකක්

චෙරන්තගෙන් ශී‍්‍ර ලංකා වාර්තා දෙකක්

රොෂාන් ගුණරත්න - 2016 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේ පැවැති 59 වැනි මැලේසියා විවෘත පිහිනුම් ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක චෙරන්ත ද සිල්වා නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට සමත්විය. මීටර 50 සමනල ආර ඉසව්වේදී රිදී පදක්කමක් දිනා ගනිමින් දස්කම් පෑ චෙරන්ත, දකුණු ආසියානු පිහිනුම් ශූර මැතිව් අබේසිංහ පිහිටුවා තිබු ශ‍්‍රී ලංකා වාර්තාවක්ද බි`ද දැමීම කැපී පෙනේ.


ක්වාලාලාම්පුර් නුවරදී ඉරිදා (8) පැවැති මෙම තරගාවලියේ මීටර 100 සමනළ ආර ඉසව්වේදී චෙරන්ත, තත්පර 54.99 කින් තරගය නිම කළේය. එය 2014 වසරේදී මීටර 100 සමනල ආර ඉසව්වෙන් මැතිව් පිහිටුවා තිබු තත්පර 55.32 ක ශ්‍රී ලංකා වාර්තාව අභිබවා යාමකි. වාර්තාව පිහිටුවුව ද චෙරන්තට එම ඉසව්වෙන් හිමිවුයේ සිවුවැනි ස්ථානයයි.


මීටර 50 සමනළ ආර ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් චෙරන්ත ඒ සදහා වාර්තා කළ කාලය ද වසර 16 ක් පුරා පැවැති ශ්‍රී ලංකා වාර්තාවක බිද වැටීමකි. තත්පර 25.07 කින් තරගය නිම කළ චෙරන්ත, වසර 2000 දී තත්පර 25.23 කින් මීටර 50 සමනළ ආර ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව පිහිටවූ ඞී. ජෙෆ්රි සතුව තිබූ වාර්තාවත් දිනාගත්තේය.


මැලේසියා තරගාවලියේ මීටර 50 සමනළ ආර ඉසව්වේදී ඉන්දුනීසියාවේ ග්ලෙන් වික්ටර් (තත්පර 24.23) රන් පදක්කම දිනාගත් අතර හොංකොං ක‍්‍රීඩක චුන් නම් ඩෙරික් (තත්පර 25.09) ලෝකඩ පදක්කම ද දිනා ගත්තේය.


කොළඹ ආනන්ද විදුහලේ ඉගෙනුම ලබන චෙරන්ත, පෙබරවාරී මස ඉන්දියාවේ පැවැති ඇසෑම් සාග් ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කමක්, රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමටද සමත්විය.


රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් පිහිටුවා ඇති ශ්‍රී ලංකා පිහිනුම් සංචිතයේ සිටින චෙරන්ත ඉදිරියේදී ජපානයේ සහ හොංකොංහි පැවැත්වෙන තරගාවලි දෙකකට ද සහභාගිවීමට නියමිතය.

 


අදහස් (0)

චෙරන්තගෙන් ශී‍්‍ර ලංකා වාර්තා දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.