Last Update  :  2025-12-21 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චීනයට රන් පදක්කම් 142 ක්

චීනයට රන් පදක්කම් 142 ක්

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ 14 වැනි දිනය වූ ඊයේ (02) රාත‍්‍රී තරග අවසන් වන විට චීනය රන් පදක්කම් 142 ක් සමගින් පදක්කම් 321 ක් ලබා දිනයේදී පදක්කම් 28 ක් දිනා ගැනීමට සමත්ව සිටියේය.

ශ‍්‍රී ලංකාව කාන්තා ක‍්‍රිකට් ලෝකඩ පදක්කම පමණක් ලබා තව දුරටත් අවසන් ස්ථානයේ හෙවත් 34 වැනි ස්ථානයේ පසු වූ අතර අද ශ‍්‍රී ලංකාවට අනිවාර්යෙන්ම රන් හෝ රිදී පදක්කමක් ක‍්‍රිකට් පිරිමි තරගාවලියෙන් ලැබෙන නිසා ඉදිරියට පැමිණීමේ අවස්ථාව හිමිවේ.

සත්කාරක දකුණු කොරියාව රන් පදක්කම් 73 ක් සමගින් මුඵ පදක්කම් 214 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, ජපානය රන් පදක්කම් 46 ක් සමගින් මුඵ පදක්කම් 185 ක් සමගින් තෙවැනි ස්ථානයේ ද, පසු වෙයි.

මෙවර ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ රටවල් 45 න් රටවල් 36 ක් මේ වන විට පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබේ.

පදක්කම් සටහන (14 වැනි දිනය (02 වැනිදා) අවසන් වන විට)

ස්ථා. රට රන් රිදී ලෝකඩ එකතුව
1 චීනය 142 101 79 322
2 දකුණු කොරියාව 73 66 75 214
3 ජපානය 46 70 69 185
4 කසකස්තානය 20 19 32 71
5 ඉරානය 18 11 16 45
6 උතුරු කොරියාව 10 11 13 34
7 කටාර් 10 - 4 14
8 උස්බිකිස්තානය 9 11 20 40
9 ඉන්දියාව 9 9 37 55
10 තායිලන්තය 9 7 27 43
11 චීන තායිපේ 8 17 18 43
12 බහරේන් 8 6 4 18
13 හොං කොං 6 11 23 40
14 සිංගප්පූරුව 5 6 11 22
15 මැලේසියාව 4 14 11 29
16 ඉන්දුනීසියාව 4 5 11 20
17 මොන්ගෝලියාව 4 4 11 19
18 සෞදි ආරාබිය 3 2 1 6
19 කුවේට් 2 4 3 9
20 මියන්මාරය 2 1 1 4
21 වියට්නාමය 1 10 24 35
22 පිලිපීනය 1 2 9 12
23 පාකිස්තානය 1 1 3 5
24 තජිකිස්තානය 1   1 2
25 ඉරාකය 1 - 3 4
25 එක්සත් අරාබි එමිර් රාජ්‍ය 1 - 3 4
27 මැකාවෝ    - 3 3 6
28 කිරිකිස්තානය - 2 4 6
29 තුර්ක්මිනිස්තානය - 1 5 6
30 බංග්ලාදේශය - 1 1 2
30 ලා ඕසය    - 1 1 2
30 ලෙබනන්    - 1 1 2
33 ජෝර්දානය - - 2 2
34 ඇෆ්ගනිස්තානය    - - 1 1
34 නේපාලය    - - 1 1
34 ශ‍්‍රී ලංකාව - - 1 1

අදහස් (0)

චීනයට රන් පදක්කම් 142 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.