මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව සංවිධානය කරන ‘චාල්ස් රොබින්සන්’ 16 වැනි අනුස්මරණ සත් සාමාජික හොකී තරගාවලිය මේ මස 23 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
කණ්ඩායම් 14 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශූරතා කුසලාන සමගින් රුපියල් 20,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. අනුශූරතාව සහ තෙවැනි ස්ථානය දිනාගන්නා කණ්ඩායම් වලටද පිළිවෙළින් රුපියල් 15,000 ක් සහ 10,000 ක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටී.
මෙහි ප‍්‍රධාන අරාධිත අමුත්තන් වශයෙන් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ වත්මන් විදුහල්පති දම්පිය වණසිංහ සහ ඞී. එෆ්. සී. සී. බැංකුවේ සාමාන්‍යාධිකාරී ලක්ෂ්මන් සිල්වා යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.
තරගාවලිය පිළිබඳව වැඩි විස්තර 0773-665576 (චම්පික), 0772-440111 (නෙරජන්), 0777 - 515735 (රත්නාහරන්) යන දුරකථන අංක ඇමතීමෙන් දැනගත හැක.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.