Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චතුරිකා වාර්තා පොතේ බර වැඩිකරයි

චතුරිකා වාර්තා පොතේ බර වැඩිකරයි

editorial - 2023 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පොළොන්නරුවේදී දැන් පැවැත්වෙන ජාතික බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ දී මෙතෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක විසින් ඔසවන ලද වැඩිම බර ඔසවමින් ශ්‍රී ලංකා වාර්තා තුනක් බිඳ  හෙලූ නාවික හමුදා ක්‍රීඩිකා චතුරිකා ප්‍රියන්තිගෙන් එළඹෙන වසරේදී (2024) ජාත්‍යන්තර පදක්කම් කීපයක්ම අපේක්ෂා කළ හැකි බව ඇගේ පුහුණුකරු ආර්. බී. වික්‍රමසිංහ මහතා පවසයි. 

මෙම ක්‍රීඩිකාව ඊයේ (28) තරගාවලියට සහභාගි වෙමින් කිලෝග්‍රෑම් 87බර පංතිය (ජ්‍යෙෂ්ඨ කාන්තා) ඉසව්වෙන් මුළු බර කිලෝග්‍රෑම් 203ක් ඔසවමින් රන් පදක්කම දිනාගත්තේ මෙතෙක් ශ්‍රී ලාංකික  බර ඉසිලීමේ ක්‍රීඩිකාවක දේශීය තරගාවලියේ දී ඉසව්වකින් ඔසවූ වැඩිම බර එසවීමේ නව වාර්තාවක් පිහිටුවමිනි. 

එහිදී ඇය ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 90ක්ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 113ක් ලෙස ඉසව්වේ සහභාගිත්වය අවසන් කරන විට එම බර එසවීමේ ක්‍රම තුනෙන්ම නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවීමට සමත් වීම කැපී පෙනුණි. 

මෙම ක්‍රීඩිකාව අවසන් වරට පසුගිය 2022 වසරේ අගෝස්තු මාසයේ බර්මින්හැම් නුවරදී පැවැති පොදු රාජ්‍ය තරගාවලිය ක්‍රීඩා උළෙලේදී මෙම ඉසව්වට තරග වදිමින් හත්වන ස්ථානය ලබා ඇත්තේ ක්‍රම තුනෙන්ම මුළු බර කිලෝග්‍රෑම් 192ක් ඔසවමිනි. 

2024 වසරට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලිය ශූරතා තරගාවලිය, ආසියානු ශූරතා තරගාවලිය, දකුණු ආසියානු ශූරතා තරගාවලිය ද ශ්‍රී ලංකාවේ පදක්කම් අපේක්ෂා ඉහලින්ම තැබීමට ඇය පොලොන්නරුවේදි පළ කර තිබෙන දක්ෂතාවලින් ප්‍රකට කර තිබෙන බව පුහුණුකරු ආර්. බී. වික්‍රමසිංහ මහතා පවසයි. 

චතුරිකා ප්‍රියන්ති මීට පෙර සාෆ් ශූරතා හා පොදුරද මඬුලු ශූරතා රිදී පදක්කම්ලාභිණියකි. 

එහිදී පෙරේදා පොළොන්නරුවේදී ඇය පළ කළ දක්ෂතා කැපී පෙනෙන අවස්ථාවක් වන්නේ ඉසව්වේ රිදී පදක්කම ලද ක්‍රීඩිකාවගේ ඉසව්වේ මුළු බර කිලෝග්‍රෑම්  134කට සීමාවීම තුළිනි. 

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ ලේකම් චමින්ද රත්නායක මහතා පැවසුවේ අද (29) තරගාවලියේ දෙවැනි දිනයේදී කිසිදු නව වාර්තාවත් බිහි නොවූ බවයි. තරගාවලිය අද (30) පෙළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ පිටියේ දී නිමාවට පත්වේ. අද දිනයේදීත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ කාන්තා හා පිරිමි ඉසව්  රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

 

කිලෝග්‍රෑම් 87 (ජ්‍යෙෂ්ඨ – කාන්තා)  බර පංතියේ රන් පදක්කම්ලාභිණි චතුරිකා ප්‍රියන්ති පොළොන්නරුවේදී වාර්තාගත බර එසවීම සිදු කරමින්....

- 223


අදහස් (0)

චතුරිකා වාර්තා පොතේ බර වැඩිකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.